ලංකාවේ ප්‍රථම දෙමුහුන් විදුලි බලාගාරය යාපනයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

ලංකාවේ ප්‍රථම දෙමුහුන් විදුලි බලාගාරය යාපනයට

ලංකාවේ ප්‍රථම දෙමුහුන් විදුලි බලාගාරය යාපනයට

ලංකාවේ ප්‍රථම සුළඟින් සහ සූර්ය බලයෙන් ක්‍රියා කරන දෙමුහුන් විදුලි බලාගාරය යාපනය දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට අවශ්‍ය ටෙන්ඩර් පටිපාටිය මේ වන විට ක්‍රියාත්මකව ඇතැයි විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවෙිදී සඳහන් කළේය.

 

යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්ට් දූපත් විදුලිබල අමාත්‍යංශය විසින් ගොඩනැගීමට නියමිත මෙම නව දෙමුහුන් විදුලි බලාගාරය සම්බන්ධව තොරතුරු ජාතික ප්‍රශ්නයක් බවට දැන් පරිවර්තනය වෙමින් ඇති බවත් ,දූපත් තුනක් බදු දීමට නියමිත බවට ඇතැම් මාධ්‍ය කරන වාර්තා සම්පූර්ණයෙන්ම වැරදි බවත් සඳහන් කර සිටියේය .

 

මෙම දූපත් තුන සඳහා ඉතිහාසය පුරා විදුලිය සපයන්නේ ඩීසල් ජෙනරේටර්වලින් බවත් ,එබැවින් මෙරට සහෝදර ජනතාවට අඛණ්ඩව විදුලිය ලබා දීම ජාතික අවශ්‍යතාවක් බව සඳහන් කළ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .

 

මේ බව අනාවරණය වූයේ අද පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටයේ දී ගරු චමින්ද විජේසිරි මහතා යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්ට් දූපත් විදුලිබල අමාත්‍යංශය විසින් ගොඩනැගීමට නියමිත නව විදුලි බලාගාර පිළිබඳව ද විදුලිබල අමාත්‍යවරයාගෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලද අවස්ථාවේ දීය.

 

විදුලිබල අමාත්‍යතුමන් අද පාර්ලිමේන්තුවට සවිස්තරාත්මකව පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ , ආසියානු සංවර්ධන බැංකුව යටතේ කළ මුල්ම ටෙන්ඩර් කැඳවීමේදී අයැදුම් කළ සියලු පාර්ශවයන් අසාර්ථක වූ බවත් , දැන් නැවතත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බවත් ඊට ආයතන හතරක් අයදුම් කර ඇති බවත් ය.

 

ඉන් එක් ආයතනයක් චීනයෙන් හා අනික් ආයතනය ඉන්දියාවේ ස්ටර්ලින් නම් ආයතනය බව ද මෙහිදී කියා සිට අමාත්‍යවරයා එම ටෙන්ඩර් පටිපාටියෙදී කිසිදු වරදකින් තොරව අවම ලන්සුවට එය ප්‍රදානය කෙරුණු නමුත් මෙය තවම කැබිනට් මණ්ඩලයේ දී මණ්ඩලයේදී සම්මත නො වුණු බවද සඳහන් කළේය .

 

මහා භාණ්ඩාගාරය විසින් නව තාක්ෂණය පිළිබඳව සවිස්තරාත්මකව නිර්දේශ අදාල සමාගමෙන් ඉල්ලා සිටීම ඊට හේතුවයි .

 

ඒ අතර ඉන්දියානු මහා කොමසාරිස් මහ කොමසාරිස්වරයා මේ තාක්ෂණික වාර්තාව ලබා දෙන්නේ නම් ,ඉන්දියාව මේ සම්බන්ධව ප්‍රදානයක් ලබාදීමට උනන්දුවෙන් පසුවන බව ද තමුන්ට දන්වා සිටි බව මෙහිදී අමාත්‍යවරයා අනාවරණය කළේය .

 

ඒ අනුව තවමත් මේ ජාත්‍යන්තර ටෙන්ඩරය පිරිනමා නොමැති බව සදහන් විදුලිබල අමාත්‍යවරයා සඳහන් කලේය.

views

704 Views

Comments

arrow-up