කොවිඩ් හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය උදෙසා ක්‍රමවේදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

කොවිඩ් හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය උදෙසා ක්‍රමවේදයක්

කොවිඩ් හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය උදෙසා ක්‍රමවේදයක්

කොවිඩ් වසංගතය තත්ත්වය නිසා සේවයට නොකැඳවූ හෝ සේවයට පැමිණිය නොහැකිව පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා මූලික මාසික වැටුපේ මූලික වැටුපෙන් හරි අඩක් හෝ රු.14,500ක් හෝ වන වඩා වාසිසහගත මුදල තෝරාගැනීම ට ඉඩදීමේ ක්‍රමවේදයකට හාම්පුතුන් එකග වූ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර සිටියේ ය.

 

මෙම ක්‍රමවේදය දැනට සේවයෙහි නිරත සේවකයින්ට කිසිසේත්ම බල නොපාන බව ද අද පාර්ලිමේන්තුවේදී කම්කරු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.

 

මෙම ක්‍රමවේදය නිසා තමුන්ට අසාධාරණයක් සිදු වී තිබෙන්නේ නම් ඒ පිළිබඳව කම්කරු කොමසාරිස් ජනරාල් වරයාට දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමේ කිරීමේ හැකියාව තිබෙන බවද සතියකට වරක් සේවක සේව්‍ය කමිටුවක් විසින් එම දුක්ගැනවිලි සමාලෝචනය කරන බවද අමාත්‍යවරයා තවදුරටත් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය .

 

මේ කිසිසේත්ම වැටුප් කප්පාදුවක් නොවන බවත් හුදෙක් සේවක-සේව්‍ය අවබෝධතාවයෙන් යුතුව සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය උදෙසා පවත්වාගෙන යනු ලබන යහපත් ක්‍රමවේදයක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ අද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටයේ දී ගරු එස් එම් මරික්කාර් මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .

 

ලියාපදිංචි කර නොමැති අවිධිමත් අංශයේ රැකියාවල නියුක්ත වී සිටින කම්කරුවන් වුවද කම්කරු දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ විට ඒ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් තිබේ .

 

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ලබා දෙන සෞඛ්‍ය නිර්දේශ අනුව සේවකයන් සීමා කිරීමේදී පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සහ රැකියා සුරක්ෂිත කිරීම සඳහා ජාතික කම්කරු සභාව නියෝජනය කරන හාම්පුතුන් සහ වෘත්තිය සමිති වලින් සමන්විත කාර්ය සාධක බලකායේ හි එළඹි එකගතාවය අනුව මෙය ක්‍රියාත්මක වෙයි.

 

එසේ ගෙවන වැටුප සඳහා සේවායෝජකයා විසින් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සඳහා වන දායක මුදල් ගෙවීමට ක්‍රියා කළ යුතුය .

 

එසේ දායක මුදල් නොගෙවන ආයතන පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට තමන් සූදානම් බව ද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

 

අමාත්‍ය මණ්ඩලය විසින් ද අනුමත කරන ලද මෙම ක්‍රියාවලිය , පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සේවා සුරක්ෂිතතාවය එක් පියවරක් වශයෙන් ප්‍රථමයෙන් 2020 මැයි සහ ජූනි මස සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක වීම ඇරඹුණු අතර පැවති තත්වය යටතේ නැවත එම සහනය ජූලි අගෝස්තු සැප්තැම්බර් සඳහා ක්‍රියාත්මක කෙරිණ .

 

වසංගතයෙන් වඩාත්ම බලපෑමකට ලක් වූ මෙම ක්‍රමය වඩාත් දීර්ඝව 2020 වසරේ ඔක්තෝම්බර් නොවැම්බර් සහ දෙසැම්බර් මස සංචාරක ව්‍යාපාරයේ සේවකයින්ටද ක්‍රියාත්මක කරන ලදී

 

.ඉන් පරිබාහිර ක්ෂේත්‍රයක යම් ආයතනයකට මේ සහනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ එකඟතාවය අවශ්‍ය වෙයි .

 

පවත්නා තත්ත්වය අනුව මෙම ක්‍රමය 2021 ජනවාරි සිට මාර්තු දක්වාද ක්‍රියාත්මක වනු ඇත .

 

මෙම සහනය ක්‍රියාත්මක කිරීම සඳහා හාම්පුතුන් සහ වෘත්තිය සමිතිවලින් යුක්ත කාර්ය සාධක බලකාය එකඟත්වය පළ කළ අතර කම්කරු අමාත්‍යංශය කළේ මේ සඳහා මඟ මගපෙන්වීමක් සහ පසුකම් සැලසීමක් පමණක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය .

 

මෙහිදී කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සමහර ආයතනවලින් ඉවත් කළ සේවකයින් සම්බන්ධයෙන් මරික්කාර් මන්ත්‍රීවරයා විසින් විමසූ අවස්ථාවේදී පිළිතුරු දුන් කම්කරු අමාත්‍යවරයා කියා සිටියේ, යම් සේවකයෙකු අසාධාරණ ලෙස එසේ සේවය අතරමග දී අවසන් කළේ නම් සේවය අවසන් කිරීමේ පනත මගින් කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කිරීම මගින් ඒ අනුව සාධාරණයක් ඉෂ්ට කරගත හැකි බවයි .

 

ඒ අනුව පැමිණිලි දෙසීයක් පමණ මෑතකදී ලැබී ඇති බවත් බහුතරයක් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ලබාදී ඇති බවත් සඳහන් කළේය .

views

689 Views

Comments

arrow-up