ISIS සංවිධානය නැති කරන්න අපි සහාය දුන්නා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

ISIS සංවිධානය නැති කරන්න අපි සහාය දුන්නා

ISIS සංවිධානය නැති කරන්න අපි සහාය දුන්නා

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධනාය විනාශ කිරීමට ශ්‍රී ලංකාවට සහාය දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

 

“අපි නිදහස් සමාජයක් ඇති කරලා තිබෙනවා. අද කාටවත් නීතියෙන් තොරව පොලීසියට ගෙනි යන්න බෑ. අද කොහාටවත් සුදු වෑන් එන්නේ නෑ. එනවනම් එන්නේ සුවසැරිය ගිලන් රථ පමණයි.

 

ඒ වගේම මේ රටේ කවුරුවත් මාධ්‍යවේදීන් අතුරුදන් වුණේ නෑ. හැමදාම මට බැනලා, බස් එකේ නැගලා මෝටර් සයිකලයේ නැගලා ගෙදර ගිහින් ආපහු පහුවෙනිදාට මට බනිනනවා.

 

ඒ් සමාජයක් අපි ඇතිකරලා තිබෙන්නේ. ඒ සමාජය අපි ඉදිරියට ගෙනි යන්න ඕන. ඒක භුක්ති විදපු අය ඒ සමාජය ආරක්ෂා කරන්න ඕන. ඒ කාර්යයට අද විශේෂයෙන්ම තර්ජනයක් ඇති වෙලා තිබෙනවා.

 

අද කතාකරන්නේ මේ සමාජය නැති කරන්න. මේවා ආරක්ෂා කරන්න අපි ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණ ආරම්භ කළා. අපි මේ රටේ ඇතිවුණ පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගත්තා. මාස තුනක් යන්න කලින් ඒක අවසන් කළා.

 

ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙනවානම් ඒ සංවිධානය නැති කරන්න ඕන. අයි.එස්.අයි.එස්. සංවිධානය නැති කරන්න ගත් පියවරවලට අපි සහාය දුන්නා.”

views

605 Views

Comments

arrow-up