මෑත ඉතිහාසයේ කෙටිම අගොස්තු පාසල් නිවාඩුව මෙම වසරේදී

මෙවර අගෝස්තු පාසල් නිවාඩුව සතියක සීමා කරන බව අධ්‍යාපන අමාත්‍ය පීරිස් මහතා ප්‍රකාශ කරයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් පාසල වසා තැබීමත් සමඟ මෙම වසරට අදාළ විෂය මාලාව ආවරණය කර ගැනීමට කාලය ලබා ගැනීමට මෙම තීරණය ගත් බව කොළඹ දී මාධ්‍ය හමුවකට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
2001 වර්ෂය සඳහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 3 වන දාද, උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් ඔක්තෝම්බර් 4 වැනි දා සිට ඔක්තෝම්බර් 30 දක්වා පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇත. එමෙන්ම සාමාන්‍ය පෙළ විභාග 2022 වසරේ ජනවාරි මාසයේ දී මාසයේදී පැවැත්වීමට නියමිතයි.
687 Views
Comments