වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව හමුදා කඳවුරට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව හමුදා කඳවුරට

වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව හමුදා කඳවුරට

වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව හමුදා කඳවුර වෙත ළඟා වුනා.

 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීම මඟින් සිදුකරන ලද හදිසි සූදානම මත කොරෝනා වෛරස් ආසාධිත චීනයේ වූහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික සිසුන් 33දෙනෙකු රැගත් ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූ.එල් 1423 දරණ ගුවන් යානය අද (01) දින උදෑසන මත්තල පිහිටි රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණියේය.

 


ශ්‍රී ලංකා යුද්ධ හමුදා රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ සාමාජිකයින් මෙවන් ජීව විද්‍යාත්මක හෝ රසායනික හදිසි අවස්ථාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පූර්ණ සුදුසුකම් ලබා ඇති හෙයින් ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ එම සිසුන් දින 14 ක නිරෝධායන සැපයීම සඳහා දියතලාව යුද්ධ හමුදා මූලික රෝහල වෙත රැගෙන යනු ලැබිණි.

 


වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් සිකුරාදා (31) දින සන්ද්‍යාව වන විට එම සිසුන්ට අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකිරීමට අවශ්‍ය සනීපාරක්‍ෂක පහසුකම් සහිත වර්ග අඩි 100 x 20 ප්‍රමාණයකින් යුත් නව ගොඩනැගිලි දෙකක ඉදිකිරීම් කටයුතු නිම කළ අතර එහිදී, වෛද්‍ය උපදේශකයින්, වසංගත රෝග විද්‍යාඥයින් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අවම වශයෙන් දින 14 ක පුර්ව නිරෝධායන කටයුතු වල නියැලීමෙන් අනතුරුව ඔවුන් මුදාහැරීමට නියමිතය.

 


දියතලාව යුද්ධ හමුදා රෝහල තුළ නිරෝධායන ලබාගන්නා කාලය තුළ එම සිසුන් වෙත ආහාර පාන, සනීපාරක්‍ෂක අවශ්‍යතා ඇතුළු අනෙකුත් සියළු පහසුකම් වැනි දෛනික අවශ්‍යතා ඔවුන්ට සැපයීමට යුද්ධ හමුදාව කටයුතු කරනු ලබයි.

 

views

784 Views

Comments

arrow-up