අප්‍රේල් 21 විනාඩි 2 ක නිහඩතාවක් සුරකින්න කාදිනල් හිමි සියලු ජනතාවගෙන් ඉල්ලයි

කාදිනල් හිමියන් ඇතුළු රදගුරු හිමිවරුන් විසින් අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් අප්‍රේල් 21 ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් අනුස්මරණය කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
ඒ අනුව දිවයින පුරා සියලු කතෝලික දේවස්ථාන වල අප්‍රේල් 21 උදෑසන 8.45 ට විනාඩි 2 ක නිහඬතාවක් පැවැත්වීමට තීරණය කර තිබෙන බවත් එදින දිවයින පුරා සියලු කතෝලික පාසල් වලට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර ඇති බවත් සඳහන් කළා.
එමෙන්ම එදින පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිහඬතාවක් සුරකින ලෙස ලෙස ශ්‍රී ලංකාවාසී ජනතාව ගෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටිනවා.
885 Views
Comments