අසිරිමත් නත්තලට ජනපති, අගමැති, විපක්ෂ නායකගෙන් සුබ පැතුම්

නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා සදහන් කරන්නේ මෙරට කිතුනු ජනතාව නත්තල සමරන්නේ මින් වසරකට වැඩි කාලකට පෙර පාස්කු ඉරුදින සිදුකළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන බව අප අමතක නොකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිතබව පිළිබඳ හැඟීම පහකොට සැකයෙන් බියෙන් තොරව අගමික වතාවන්හි නිරතවීමට සියලුදෙනාට අවස්ථාව සැලසීමට හැකිවී ඇති බවය.
එමෙන්ම කොවිඩ් -19 වසංගතය හමුවේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට ජේසුස් වහන්සේ දෙසූ ධර්මය උපයෝගී කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මේ අතර මෙම නත්තල් දිනයේ සාමයේ හා දයාවේ පණිවුඩය අප හදවත් තුළ තහවුරු වියයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ සාමය තේමාව කොටගෙන අනෙකාට උදව් කරමින් නත්තල සමරමු යන්නයි
714 Views
Comments