යෝධ ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කරයි

මීටර් 146 ක් පළල යෝධ ග්‍රහකයක් පෙරේදා (29) පෘථිවිය අසලින් ගමන් කළේය.
2024 MK යනුවෙන් තාරකා විද්‍යාඥයන් නම් කළ මෙම ග්‍රහකය, ගමන් කළේ පැයට කිලෝ මීටර් 34,000 ක වේගයකිනි.
විද්‍යාඥයන් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ ද මීට දින කීපයකට පෙර එනම් ජූනි 16 වැනිදා වීම විශේෂත්වයකි.
2024 MK ග්‍රහකය පෘථිවියේ සිට කිලෝ මීටර් 2,95,000 ක් දුරින් ගහන් කළ බව ද පැවැසෙයි. එය පෘථිවිය සහ සඳට ඇති දුර මෙන් අඩු දුරකි.
2024 MK ග්‍රහකය, යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ 2037 වසරේදී යැයි ද පැවැසෙයි.
204 Views
Comments