යෝජිත හෝමාගම මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය අගමැති අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

යෝජිත හෝමාගම මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය අගමැති අත්හිටුවයි

යෝජිත හෝමාගම මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය අගමැති අත්හිටුවයි

හෝමාගම, ඩයගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරිම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ක්‍රිකට් ක්‍රීඩකයින් හා බලධාරීන් අතර අද පැවති රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ.

 

අමෙරිකානු ඩොලර් මිලියන 40 ක වියදමකින් ඉදි කිරීමට යෝජිත මෙම ක්‍රීඩාංගනයේ නරඹන්නන් 60,000 කට තරග නැරඹීමේ අවස්ථාව උදාවන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

 

මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු පාර්ශව ගණනාවකින් එල්ලවූ දැඩි විරෝධය හමුවේ අදාළ පාර්ශව සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවක් පවත්වනු ලැබුවා.

 

මෙහිදී ගනු ලැබූ තීරණයන්ට අනුව හෝමාගම ඉදිකිරීමට යෝජිත ක්‍රිකට් ක්‍රීඩා පිටිය අත්හිටුවීමටත්, පාසැල් ක්‍රීඩා කටයුතු දියුණු කිරීමට අගමැතිවරයා තීරණය කොට තිබෙනවා.

 

ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීමට සහ දැනට පිහිටි ක්‍රීඩාංගනවල පහසුකම් දියුණු කිරීමට මෙහිදී අගමැතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවයි අග්‍රාමත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

 

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග අද දින පැවති සාකච්ජාවට වත්මන් විස්සයි 20 නායක ලසිත් මාලිංග, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන රොෂාන් මහානාම,සනත් ජයසුරිය, මහෙල් ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ ක්‍රීඩා බලධාරීන් එක්ව සිටියා.

views

772 Views

Comments

arrow-up