ප්‍රදේශ කිහිපයකට ජලය කපයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

ප්‍රදේශ කිහිපයකට ජලය කපයි

ප්‍රදේශ කිහිපයකට ජලය කපයි

බත්තරමුල්ල, බටපොත අවට ප්‍රදේශ කිහිපයකට බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට සිකුරාදා පෙරවරු 6 දක්වා පැය 8 ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

 

ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ ,ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශ සඳහා මෙම ජලකප්පාදුව බලපැවැත් වෙන බව සඳහන්.

 

බටපොත, ජල ටැංකියට ජලය සැපයෙන ජලනළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙය සිදුකරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

 

views

749 Views

Comments

arrow-up