ඉදිරි දින පහ අවදානම් - වෛරසය සමාජයට පැතිර යා හැකියි

කොරෝනා ආසාදිතයන් සාමාන්‍ය සමාජයෙන් හමු වීමේ අවදානමක් ඉදිරි දිනක කිහිපයේදී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මේ නිසා සියලු ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන පොකුරේ ආශ්‍රිතයන් සියලු දෙනාම පාහේ මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති නමුත් ඔවුන් සමාජයේ ගැටුනු තැන් ඇති නිසා සමාජයට වෛරසය පැතිරයාමේ අවදානමක් ඇති බවද ඔහු පැවසීය.
ඉදිරි දින පහක පමණ කාලය තුළ මෙම අවධානම ඇති බවද එනිසා මුඛ ආවරණය නිසි ලෙස පලදින ලෙසක්, මීටරයේ දුර නිසිපරිදි පවත්වන ලෙසත්, නිතර අත් සෝදන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
854 Views
Comments