ඊයේත් ආසාදිතයන් 19ක් විවිධ ප්‍රදේශවලින් - තත්වය බැරෑරුම් !
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

ඊයේත් ආසාදිතයන් 19ක් විවිධ ප්‍රදේශවලින් - තත්වය බැරෑරුම් !

ඊයේත් ආසාදිතයන් 19ක් විවිධ ප්‍රදේශවලින් - තත්වය බැරෑරුම් !

මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 2,665ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (14) දිනය තුළ ආසාදිතයින් 19ක් හඳුනාගැනීමත් සමගයි.

 

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නව දෙනෙක්, සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හතර දෙනෙක්, ඕමානයේ සිට දිවයිනට පැමිණි පුද්ගලයින් හතර දෙනෙක් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි දෙදෙනෙක් ඒ අතර වන බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

 

කුණ්ඩසාලේ, රාජංගණය හා ලංකාපුර ප්‍රදේශවලින් වාර්තා වූ පුද්ගලයින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි.

 

මේ වන විට ආසාදිතයන් 666ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1,988 දෙනෙක් සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

views

709 Views

Comments

arrow-up