PCR යොමු කළ මීගමුවේ රැඳවියා රෝහලේ 08වන මහලින් ඇද වැටි මරුට - PCR වාර්තාව නිකුත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

PCR යොමු කළ මීගමුවේ රැඳවියා රෝහලේ 08වන මහලින් ඇද වැටි මරුට - PCR වාර්තාව නිකුත් වෙයි

PCR යොමු කළ මීගමුවේ රැඳවියා රෝහලේ 08වන මහලින් ඇද වැටි මරුට - PCR වාර්තාව නිකුත් වෙයි

කොරෝනා වැලදී ඇතිදැයි පරීක්ෂාව සදහා ඇතුලත් කල හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි රැඳවියෙකු රෝහලෙන් පැනයාමට යාමේදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිඛෙනවා.

 


මෙම රැඳවියා PCR පරීක්ෂණය සඳහා මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට මාරු කොට තිඛෙන බවයි රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

 

ශ්වසන මාර්ගයේ ඇතිව තිබු රෝගී තත්ත්වයක් නිසා මෙම රැඳවියා ඉකුත් 12 වෙනිදා මිගමුව බන්ධනාගාරයේ සිට රෝහලට රැගෙනවිත් තිබු අතර ඔහු බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ පසුව සිට ඇති බව සඳහන්.

 


ඊයේ රාත්‍රී 12.30ට පමණ අදාළ රැඳවියා අතුරුදහන් බවට වාර්තා වීමත් සමග පොලිසිය සහ රෝහලේ ආරක්ෂක නිලධාරින් ඒ පිලිබඳව සොයා බැලීමේදී මෙලෙස ඔහු බිමට ඇද වැටී මියගොස් සිටියදී හමුව තිඛෙනවා.

 


මෙම රැඳවියා වයස අවුරුදු 34ක් පමණ වන අයෙක් බවත් , ඔහුගේ PCR පරීක්ෂණ වාර්තාවේ ප්‍රථිපල අද දිනයේදී නිකුත් වූ අතර ඔහුට කොරෝනා අාසාදනය නොමැති බව තහවුරු වී තිබෙනවා.

 

views

761 Views

Comments

arrow-up