මිලියන පනහක මත්කුඩු සමඟ හතරක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

මිලියන පනහක මත්කුඩු සමඟ හතරක් මාට්ටු

මිලියන පනහක මත්කුඩු සමඟ හතරක් මාට්ටු

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්දා විසින් දකුණු මුහුදු තීරය මගින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙක්    පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

 

වත්තල සහ ග්‍රෑන්ඩ්පාස්  ප්‍රදේශවලදී සැකකරුවෝ  අත්අඩංගුවට ගනු ලැබූහ . එහි දී රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 03 යි ග්‍රෑම් 492 ක් , ත්‍රීරෝද රථයක්, කැබි රථයක් හා යතුරුපැදියක් පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට  ගනු ලැබීය.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් මට්ටක්කුලිය, බූස්ස, හික්කඩුව හා වත්තල ප්‍රදේශයන්හී පදිංචි වයස අවුරුදු 33 හා 48 අතර වයසේ පසුවන පද්ගලයින්   බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

views

221 Views

Comments

arrow-up