ප්‍රදේශ කිහිපයක පැය 18ක ජල කප්පාදුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

ප්‍රදේශ කිහිපයක පැය 18ක ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයක පැය 18ක ජල කප්පාදුවක්

ලබන 18 වනදා පෙරවරු 8.30 සිට දහනම වන දා අලුයම 2.30 දක්වා පැය 18ක කාලයක් දික්වැල්ල ජල පවිත්‍රාගාරයෙන් ජලය මුදා හැරීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.

 

දික්වැල්ල ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.

 

ඒ අනුව බෝපෙ පෝද්දල හපුගම අක්මීමන හබරාදුව කොග්ගල අහංගම රත්ගම හා දොඩන්දූව යන ප්‍රදේශවලට 18 වනදා ජල සැපයුම අත්හිටුවනු ඇති.

views

746 Views

Comments

arrow-up