එළඹෙන දින 4 තුළදීම පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

එළඹෙන දින 4 තුළදීම පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කෙරේ

එළඹෙන දින 4 තුළදීම පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කෙරේ

හෙට සිට එළඹෙන දින 4ම පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

 

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ වන නියෝග විවාදයට ගැනීම පෙරවරු 11 ට හෙට දිනයේ සිදුවන අතර පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂයේ විසින් ඉදිරිපත් කරන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

 

බදාදා දිනයේ දී පෙරවරු 10.00 සිට 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ වාරය යෙදී තිබෙනවා.

 

පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා මැණික් සහ ස්වර්ණාභරණ පනත යටතේ පනවා ඇති රෙගුලාසි විවාදයට ගැනෙනු ඇති.

 

බ්‍රහස්පතින්දා දිනේදී ආනයන හා අපනයන පාලන පනත යටතේ වන නියෝග තුනක් විවාදයට ගැනීමට නියමිතයි.

 

 

views

737 Views

Comments

arrow-up