රුපියල් 1000/= වතු කම්කරු දෛනික වැටුප, වැටුප් පාලක සභාව අනුමත කරයි

දෛනික වැටුප රුපියල් 900 දක්වා ඉහළ දැමීමටත් අයවැයෙන් ලබාදෙන සහන දීමනාවක් ලෙස රුපියල් 100 ක මුදලක් වතු කම්කරුවන් සඳහා ලබා දීමටත් වැටුප් පාලක සභාවේ අනුමැතිය හිමිව ඇති බව කම්කරු මාත්‍යාංශය පවසනවා.
අද දින කම්කරු අමාත්‍යංශයේ දී වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
කම්කරු කොමසාරිස් ජෙනරාල් වරයාගේ ප්‍රධානත්වයෙන් තු වෘත්තීය සමිති සහ වතු සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සහභාගිත්වයෙනුයි මෙය පවත්වා තිබෙන්නේ.
එම සාකච්ඡාවේදී වතු කම්කරුවකුගේ මූලික වැටුප රුපියල් 500ට 5 දක්වා ඉහළ දැමීමට වතු සමාගම් යෝජනා ඉදිරිපත් කළ අතර වතු වෘත්තීය සමිති සහ රජය මගින් එම දෛනික මූලික වැටුප රුපියල් 900 දක්වා හා රුපියල් 100 ක ප්‍රසාද දීමනාවක් ගෙවිය යුතු බවට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
එම යෝජනා දිග සම්බන්ධයෙන් වැටුප් පාලක සභාවේ පැවැති ඡන්දයෙන් දිනක වැටුප රුපියල් දහසක් ගෙවිය යුතු බවට ගෙන ආ යෝජනාවට ඡන්ද 11ක්ද වත් සමාගම් ගෙනා යෝජනාවට ඡන්ද අටක්ද ලැබුණු බව ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රාමේශ්වරම් මහතා පැවසුවා.
වැටුප් පාලක සභාව මගින් සම්මත කරන ලද කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1000 ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වතු සමාගම් විසින් වතුකම්කරුවන්ට ගෙවිය යුතු වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
700 Views
Comments