දුම්රියෙන් වැටී මියගිය අයගේ අනන්‍යතාවය හෙළිවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

දුම්රියෙන් වැටී මියගිය අයගේ අනන්‍යතාවය හෙළිවෙයි

දුම්රියෙන් වැටී මියගිය අයගේ අනන්‍යතාවය හෙළිවෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා දුම්රිය පාලකවරුන්ගේ වර්ජනය මැද දුම්රියෙන් ඇද වැටීමෙන් බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී පෙරේදා (10 දා) සවස මියගොස් ඇත්තේ අල්ගම, මැදගම පදිංචිව සිටි කළුආරච්චිගේ ජයන්ත කළුආරච්චි නමැති 51 හැවිරිදි අවිවාහක අයකු බවට හඳුනාගෙන ඇතැයි බෙම්මුල්ල පොලීසිය පවසයි.

 

වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිරුර ඔහුගේ වැඩිමල් සොයුරිය වන රේණුකා මල්කාන්ති විසින් හඳුනාගත් බව ද පොලිසිය කියයි.

 

සිය වැඩිමල් සොයුරා කොළඹ ප්‍රදේශයේ හෝටලයක කොත්තු බාස් කෙනකු ලෙස සේවය කළ බවත්, රැකියාව සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවත් ඇය පැවසීයැයි පොලීසිය කීය.

 

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල රෝහලේ දී ඊයේ සිදුකිරීමට නියමිතව තිබිණි. කොළඹ කොටුව සිට පොල්ගහවෙල දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

 

එම මගියා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවී ඇති අතර, අධික තෙරපීම හේතුවෙන් දුම්රියෙන් වැටී දුම්රිය වේදිකාවේ වැදී වැටී ඇතැයි ද පොලිසිය කියයි.

views

177 Views

Comments

arrow-up