ඊයේ හමුවූ ආසාදිතයන්ගේ විස්තර - සුදුවැල්ලෙන් නිරෝධායනයේ මාසයක් සිටි අයගෙනුත් 5කට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

ඊයේ හමුවූ ආසාදිතයන්ගේ විස්තර - සුදුවැල්ලෙන් නිරෝධායනයේ මාසයක් සිටි අයගෙනුත් 5කට කොරෝනා

ඊයේ හමුවූ ආසාදිතයන්ගේ විස්තර  -   සුදුවැල්ලෙන් නිරෝධායනයේ මාසයක් සිටි අයගෙනුත් 5කට කොරෝනා

ඊයේ (30) දිනයේ හමුවූ කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයින් සොයාගත් ප්‍රදේශ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැහැදිලි කිරීමක් කළේය. 

 

"මේ සියල්ල ගත්තාම ඊයේ දිනයේ 16 දෙනෙක් තමයි වාර්තා වෙන්නෙ. මේ 16 දෙනාගෙන් 9 දෙනෙක් නාවික හමුදාවට අදාළයි. ඒ කියන්නෙ මේ වැලිසර කඳවුරේ සහ වෙනත් ප්‍රදේශවල. මේ අනුව නාවික හමුදා භටයින් ආසාදිත වෙලා හමුවීම තවදුරටත් කෙරෙනවා. නමුත් සංඛ්‍යාව අඩුවෙලා තිබෙනවා මොකද ඒ සියල්ලම පාහේ ක්‍රම ක්‍රමයෙන් සොයාගැනීම නිසා. 

 

මීට අමතරව අපට එක්තරා නිරෝධායන මධ්‍යස්ථානයක පුද්ගලයෙක් හමුවෙලා තියෙනවා. ඒවගේම කොළඹ දාබරේ මාවතේ කලින් සිටි රෝගියා සමඟ සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයෙක් හමුවෙලා තියෙනවා, නමුත් ඔහු ඉන්නෙ දාබරේ මාවතේ නෙවෙයි ඒ අවට වෙනත් ප්‍රදේශයක ඉන්නෙ. 

 

ඒවගේම සුදුවැල්ල ප්‍රදේශය ආශ්‍රිතව මේ නිරෝධායන මධ්‍යස්ථානවල දැන් සෑහෙන කාලයක් තිස්සෙ ඉන්න පස් දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේ ආකාරයට තමයි ඊයේ දිනයේ මේ රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

 

ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් පළමු කොරෝනා ආසාදිතයා හඳුනාගනු ලැබුවේ මාර්තු 30 වනදාය. 

views

941 Views

Comments

arrow-up