සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ බස්රථ 40 ක බලපත්‍ර අහෝසියි

නිරෝධායන සහ සෞඛ්‍යය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බස්රථ 40 ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන තිබෙනවා.
සෞඛ්‍ය හා නිරෝධායන නීති වලට යටත් නොවී මගීන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනා මත මෙලෙස බලපත් අහෝසි කිරීමට පියවර ගත් බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ.
ඉදිරියේ පැමිණෙන නත්තල් උත්සව සමය සහ නව වසර සැමරීමේ කාලය තුළ සෞඛ්‍ය හා නිරෝධායන නීති සම්බන්ධයෙන් බස් ප්‍රවාහන අංශයට ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
බස්රථ තුළ මගීන් සිටගෙන සිටියදී ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා කියා සිටියා.
එක් බස් රථයකට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන හිමිකරුවන්ට ඉදිරි දිනවලදී අතිරේක ගමන්වාර සම්බන්ධයෙන් සාකච්ඡා කර යොදා ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා පැවසුවා.
571 Views
Comments