කොරෝනාවෙන් රට බේරා ගත්තේ ජනාදිපති නොව මැතිවරණ කොමිසමයි.. ඒ යහපාලන ආණ්ඩුව කල හොද වැඩක් නිසා..
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

කොරෝනාවෙන් රට බේරා ගත්තේ ජනාදිපති නොව මැතිවරණ කොමිසමයි.. ඒ යහපාලන ආණ්ඩුව කල හොද වැඩක් නිසා..

කොරෝනාවෙන් රට බේරා ගත්තේ ජනාදිපති නොව මැතිවරණ කොමිසමයි.. ඒ යහපාලන ආණ්ඩුව කල හොද වැඩක් නිසා..

කොරෝනා වසංගතය පැතිරෙද්දී ඒ සම්බන්ධයෙන් නිවැරදි ස්ථාවරය ගනු ලැබුවේ මැතිවරණ කොමිසම විසින් බව ජනතා විහුක්ති පෙරමුණ පවසයි.

 

මැතිවරණ කොමිසම එම තීන්දුව නොගත්තේ නම් අද කොරෝනා වසංගතය සමාජ වසංගතයක් බවට පත්වනු ඇතැයිද එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේය.

 

එම තත්වයෙන් රට බේරා ගත්තේ මැතිවරණ කොමිසම මිය දේශපාලන නායකත්වය නොවන බවද ඔහු පෙන්වා දෙයි.

 

ආණ්ඩුවට අවශ්‍ය වූයේ කෙසේ හෝ මැතිවරණය පැවැත්වීම පමණක් යයිද ඔහු සඳහන් කළේය.

 

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

පැවති යහපාලන ආණ්ඩුවට විවේචන තිබුනද එම ආණ්ඩුව ගෙන ආ 19 වන සංශෝධනය හොද එකක් බවත් එය රැක ගැනීමට කටයුතු කරන බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

 

views

769 Views

Comments

arrow-up