කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ පළමු නාවික සෙබළා රෝහලෙන් පිටව යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ පළමු නාවික සෙබළා රෝහලෙන් පිටව යයි

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ පළමු නාවික සෙබළා රෝහලෙන් පිටව යයි

ඉකුත් අප්‍රේල් මස 25 වන දින කොවිඩ් - 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සෙබලෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ (03) දින රෝහලින් පිටව ගොස් තිබෙනවා.

 

‍මෙම නාවික සෙබළා ඉකුත් අප්‍රේල් මස 22 වන දින සිට නිවාඩු මත සිටියදී අප්‍රේල් මස 25 වන දින රත්නපුර රෝහල වෙත ඇතුලත් කර PCR පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව් - 19 ආසාධනය වී ඇති බව හදුනා ගෙන ඇත. පසුව ඔහු ප්‍රථිකාර සඳහා එදිනම IDH රෝහල වෙත යොමු කරන ලද අතර, රෝහලේ ප්‍රථිකාර ලබා දීමේදී වරින් වර සිදු කල PCR පරීක්‍ෂණ තුනක (03) ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුල නොමැති බව තහවුරු වීම නිසා මැයි මස 03 වන දින  රෝහලින් පිටත් කර හැරීමට කටයුතු කර ඇත.

 

අදාල නාවික පුද්ගලයා රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඔහුගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර සිටී.

views

701 Views

Comments

arrow-up