ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ට ඇමරිකන් වීසා - තානාපතිනී ජූලි චන්ග් සුබ පතයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් ලබාගත් සෙල්ෆි ඡායාරූපය වෙත මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කාතාබහක් ඇතිවී තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාවේ පැවැත්වීමට නියමිත එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සාමාජිකයින්ගේ වීසා අයදුම් කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මෙම සෙල්ෆි ඡායාරූපය ලබාගෙන තිබුණි.
එහිදී අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් අතර සුහද කතාබහක්ද සිදුවිය.
කෙසේ වෙතත් මේ වනවිට නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ එහි සිටි දෙදෙනෙකුට අනපේක්ෂිත අත්දැකීමකට මුහුණදීමට සිදුව ඇති බවටය.
ඒ ඔවුන්ගේ වීසා අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.
ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෙකුගේ සහ කණ්ඩායම සමග සංචාරයට එක්වීමට නියමිත කණ්ඩායම් සහායකයෙකුගේ වීසා මෙලෙස ප්‍රතික්ෂේප වී ඇති බවටය.
235 Views
Comments