දාරළුවේ දුර්ලභ ශාකය : මධ්‍යම අධිවේගයේ පරිසර ඇගයීම් වාර්තාව ගැන විමර්ශනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

දාරළුවේ දුර්ලභ ශාකය : මධ්‍යම අධිවේගයේ පරිසර ඇගයීම් වාර්තාව ගැන විමර්ශනයක්

දාරළුවේ දුර්ලභ ශාකය : මධ්‍යම අධිවේගයේ පරිසර ඇගයීම් වාර්තාව ගැන විමර්ශනයක්

ගම්පහ දාරලුව ප්‍රදේශයේ තිබෙන Crudia Ceylania හෙවත් පඬුකරද ශාකය සම්බන්ධව උද්ගත වී ඇති ගැටලු සහගත තත්ත්වය මතුව ඇත්තේ අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා කරන ලද පරිසර ඇගයීම් වාර්තාව විධිමත් ලෙස සිදු නොකිරීම නිසා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

 

ඊට වගකිවයුත්තන් සොයා ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 

උදෑසන පරිසර සංවිධාන නියෝජිතයින් හා පාරිසරික මාධ්‍යවේදීන් පිරිසක් පරිසර අමාත්‍යවරයා සමඟ මෙම ශාකය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

 

එහිදී පාරිසරික මාධ්‍යවේදීන් සඳහන් කර ඇත්තේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී සිදු කරන පරිසර අධ්යයනයන් සහ වාර්තා සැකසීමේ ක්‍රියාවලියේ ගැටළු සහගත තත්වයන් තිබෙන බවයි.

 

අමාත්‍යවරයා පවසා ඇත්තේ ශාක ආරක්ෂා කර ගැනීම සඳහා දැන් පවතින්නේ විකල්ප දෙකක් පමණක් බවයි.

 

මෙම ශාකය පිහිටි භූමියෙහි තිබියදී අධිවේගී මාර්ගයේ වෙනස් කිරීම හෝ එම ශාකයට හානියක් නොවන පරිදි ගලවා ඉවත් කර ඊට උචිත පරිසර පද්ධතියක නැවත රෝපණය කිරීමයි.

 

අධිවේගී මාර්ගයේ වෙනස්කම් සිදු කිරීම සඳහා අති විශාල මුදලක් දැරීමට සිදුවන බවත් ඉංජිනේරුවරුන් පෙන්වා දී තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.

 

ශාකය එම ස්ථානයෙන් ආරක්ෂිතව ගලවා ඉවත් කිරීමේ හැකියාව පවතින අතර ඒ සඳහා විශේෂඥයන්ගේ අදහස් විමසීමෙන් පසුව සිදුකළ යුතු බව අමාත්‍යවරයා සදහන් කළා.

views

786 Views

Comments

arrow-up