ඊයේ (10) හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

ඊයේ (10) හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු

ඊයේ (10) හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු

ඊයේ (10) දිනයේදී දිස්ත්‍රික්ක 21කින් කොවිඩ්-19 ආසාදිතයින් 955දෙනෙකු වාර්තා වී ඇති අතර විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 8 දෙනෙකු ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙන බව බව සෞඛ්‍ය අංශ පවසනවා

 

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 72,172 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 65,643 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 6,155 දෙනෙකු පමණක් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

 

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 375 ක්.

 

ඊයේ දිනයේද වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 298කි.

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 251ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 81ක් හඳුනාගැනීමත් සමඟ බස්නාහිර පළාතෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 46,608 ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

 

ඊට අමතරව කුරුණෑගල 72

 

මහනුවර71

 

රත්නපුර 32

 

මාතර31

 

ගාල්ල 24

 

කෑගල්ල 16

 

මාතලේ13

 

හම්බන්තොට 12

 

මීට අමතරව මන්නාරම, කිලිනොච්චිය, මොනරාගල, ත්‍රිකුණාමලය, පුත්තලම, බදුල්ල,නුවරඑළිය , අම්පාර යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් වාර්තා වී තිබේ.

views

683 Views

Comments

arrow-up