හමුදාවක් එක්ක යුද්ධ කරද්දී හමුදාව මරන්න වෙනවා. එහේ ජනතාව කැමති නම් කරුණාව දිනවයි - ලක්ෂ්මන් යාපා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

හමුදාවක් එක්ක යුද්ධ කරද්දී හමුදාව මරන්න වෙනවා. එහේ ජනතාව කැමති නම් කරුණාව දිනවයි - ලක්ෂ්මන් යාපා

හමුදාවක් එක්ක යුද්ධ කරද්දී හමුදාව මරන්න වෙනවා. එහේ ජනතාව කැමති නම් කරුණාව දිනවයි - ලක්ෂ්මන් යාපා

කරුණා අම්මාන් මහතා ත්‍රස්තවාදී නායකයකු ලෙස කටයුතු කළ සමයේදී හමුදා සාමාජිකයින් දහස් ගණනින් ඝාතනය කළ බව රටම දන්නා බවත් යුද්ධයකදී ඔහුට හමුදාව ඝාතනය කිරීමට සිදුවීම යනු සාමාන්‍ය දෙයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. 

 

"කරුණා අම්මාන් මහතා ඒ ප්‍රකාශය කරන්නෙ මං හිතන්නෙ ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් කරපු ප්‍රකාශයකට. කරුණා අම්මාන් කොරෝනාවට වඩා භයානකය කියලා කියලා තිබුණා. ඉතිං ඔහු ඒ සඳහා ඔහු කිව්වා යුද්ධ කාලෙදි ඔහු ත්‍රස්තවාදී ව්‍යාපාරයේ නායකයෙක් හැටියට හමුදාව මෙච්චර ප්‍රමාණයක් ඝාතනය කළා කියලා. 

 

ඒක රහසක් නෙවෙයි. හමුදාවට ඔහු නැගෙනහිර පළාතේ කළ පහරදීම් ගැන ඉතාමත්ම අවබෝධයෙන් මේ රටේ ජනතාව ඉන්නවා. එනිසා ත්‍රස්තවාදියෙකු හැටියට ඔහු කළ ක්‍රියාකලාපය අපි පෞද්ගලිකව පිළිගන්නෙ නැතිවුණත් ත්‍රස්තවාදී කණ්ඩායමක් සහ හමුදාවක් අතර යුද්ධ කරනකොට මෙවැනි තත්වයක් ඇතිවෙනවා. ඔහු නායකත්වය දීලා ඔහුගේ ත්‍රස්තවාදී සංවිධානය ජයග්‍රහණය කරන්න ඔහු කටයුතු කරලා තියෙනවා. අපි හමුදාවක් හැටියට ත්‍රස්තවාදය පරාජය කිරීමට ඒ හා සමානව ඒකාලෙ කටයුතු කළා. ඉතිං මේක යුද්ධයකදී ඇතිවෙන දෙයක්. 

 

නමුත් සාමාන්‍ය තත්වයකට පත්වුණාට පස්සෙ තමන් කරපු පෙර වැරදි ගැන හුඟක් අවස්ථා වලදී අමතක කරලා දාලා තියෙනවා. මොකද ජනතා විමුක්ති පෙරමුණේ කලබලය වෙලාවෙදිත් තරුණයින් විශාල පිරිසක් එක පැත්තකින් නැතිවුණා, අනිත් පැත්තෙන් ජවිපෙ අහිංසක මිනිස්සු දාස් ගාණක් මරණයට පත්කළා. ඒත් මේ සියලු දෙනා අද ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එකතුවෙලා පාර්ලිමේන්තු ඇවිත් තියෙනවා. ඉතිං කරුණා අම්මානුත් පාර්ලිමේන්තු ආවා. අදත් ඒ ප්‍රදේශයේ ජනතාව කැමති නම් ඔහුව පාර්ලිමේන්තුවට එවන්න කටයුතු කරයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

 

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි. 

 

views

605 Views

Comments

arrow-up