ආරක්ෂාවට තර්ජනයක් ලෙස සළකා නයිජීරියානුවන් 50 දෙනා පිටුවහල් සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

ආරක්ෂාවට තර්ජනයක් ලෙස සළකා නයිජීරියානුවන් 50 දෙනා පිටුවහල් සූදානම්

ආරක්ෂාවට තර්ජනයක් ලෙස සළකා නයිජීරියානුවන් 50 දෙනා පිටුවහල් සූදානම්

මිරිහාන රැඳවුම් කඳවුරේ රදවා සිටින නයිජිරියානු ජාතිකයින් 59 දෙනෙකු අතරින් 9 දෙනෙකු පළාගොස් ඇති බැවින් ඉතිරි 50 දෙනා ආරක්ෂාවට තර්ජනයක් ලෙස සළකා මෙරටින් වහාම පිටුවහල් කිරිමට තීරණය කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

 

මුල්‍ය වංචා ඇතුළු විවිධ නිතිවිරෝධී ක්‍රියා හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින බවද එහි සිටියදී 9 දෙනෙකු පළා ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇතැයි ද දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බී.ජී. ගයාන් මිලින්ද මහතා පැවසුවා.

 

මෙම පිරිස පිටුවමල් කිරිම සඳහා ගුවන් සමාගම් වලින් මිල ගණන් කැඳවා ඒ පිළිබඳ ප්‍රතිපාදන ඉල්ලා කැබ්නට් පත්‍රිකාවක් රජය වෙත යොමුකර ඇතැයි ද හෙතෙම සඳහන් කළා.

 

මේ වනවිට මිරිහාන රැඳවුම් කඳවුරේ විදේශිකයින් 111 ක් රඳවා සිටින අතර ඔවුන් නඩත්තු කිරිමට මාසිකව රුපියල් ලක්ෂ 10 ක් පමණ වැයවන බවද වාර්තා වේ.

views

643 Views

Comments

arrow-up