මහ වැස්සෙන් නුවර යටවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

මහ වැස්සෙන් නුවර යටවෙයි

මහ වැස්සෙන් නුවර යටවෙයි

මහනුවර නගරයට ඊයේ(16) සවස ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

 

කාණු කසලවලින් පිරීයාමත් නගරය පුරා අනවසර ඉදිකිරීම් නිසාත් නගරය  ජලයෙන් යටවී ඇත.

 

දුම්රිය ස්ථානය ජලයෙන් යටවූයේ අවිධිමත් ලෙස කාණු සැකසීම හා කාණු වසා දමා තිබීම හේතුවෙන් බව ජනතාව පවසති.

 

මහනුවර නගරයට  පස්වරු 2.00 පසු මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයක් එකවර ඇදහැලුන අතර එම වර්ෂාවත් සමඟ බෝගම්බර ඉහළ කඳු මුදුනින් ගලා ආ විශාල ජල පහරකින් දුම්රිය ස්ථානයේ ඉදිරිපස සම්පූර්ණයෙන් යට වී ගිය අතර දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගද සැලකිය යුතු මට්ටමකින් ජලයෙන් යට විය .

views

269 Views

Comments

arrow-up