හෙට ක්‍රියාත්මක වීමට තිබූ පෞද්ගලික බස් රථ වර්ජනය අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

හෙට ක්‍රියාත්මක වීමට තිබූ පෞද්ගලික බස් රථ වර්ජනය අත්හිටුවයි

හෙට ක්‍රියාත්මක වීමට තිබූ පෞද්ගලික බස් රථ වර්ජනය අත්හිටුවයි

හෙට දිනයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණු පෞද්ගලික බස් රථ හිමියන්ගේ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

 

තම ඉල්ලීම් වලින් සියයට අනූවකට පමණ මේ වන විට විසඳුම් ලබා දීමට බලධාරීන් පොරොන්දු වීම හේතුවෙන් බස් රථ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.

 

පවතින කොරෝනා වසංගතය හමුවේ ආර්ථික දුෂ්කරතාවයට පත්ව ඇති පෞද්ගලික බස් රථ හිමියන්ට ණය සහන සඳහා ලිපි ප්‍රදානය කිරීම අද සිදුවුණා.

 

ඒ අනුව ඔවුන්ට රුපියල් ලක්ෂ 3 ක ණය මුදලක් හා ටිකට් යන්ත්‍ර මිලදී ගැනීම සඳහා තවත් රුපියල් පනස් දහසක මුදලක් හිමි වනවා.

 

ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව එම ණය ලිපි ප්‍රදානය ජාතික ගමනාගමන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ දී අද පැවැත්වුණා.

views

702 Views

Comments

arrow-up