“සල්ලි නෑ කිව්වා නම් ජීවිත කාලෙටම මම කන්න දෙනවා” - පියුමිට කේන්ති ගිහින් කාටද මේ දෙහි කපන්නෙ?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

“සල්ලි නෑ කිව්වා නම් ජීවිත කාලෙටම මම කන්න දෙනවා” - පියුමිට කේන්ති ගිහින් කාටද මේ දෙහි කපන්නෙ?

“සල්ලි නෑ කිව්වා නම් ජීවිත කාලෙටම මම කන්න දෙනවා” - පියුමිට කේන්ති ගිහින් කාටද මේ දෙහි කපන්නෙ?

නිරූපණය සහ රංගනය සම්බන්ධයෙන් කතා කරනවට වඩා පියුමි හංසමාලි නම දැන් වඩාත් ප්‍රසිද්ධ ව්‍යාපාර ක්ෂේත්‍රය එක්ක.

 

පියුමි, සාර්ථකව තමන්ගේ ම ව්‍යාපාරයක් කරගෙන යනවා. හැබැයි එහෙමයි කියලා ඈ කලාව හෝ තමන්ට ආදරේ කරන රසික සමූහයාව නම් අමතක කරලා නෑ.

 

විශේෂ වැඩසටහනකින් ඇරුණාම, නිතර නිතර රූපවාහිනි තිරයට නාවාට, සමාජ මාධ්‍ය තුළ පියුමි හරි ජනප්‍රියයි.

 

 

ඇය ගැන වඩාත් කතාබහට ලක්වන්නෙත් සමාජ මාධ්‍ය තුළ කිව්වට වැරැද්දක් නෑ.

 

තමන්ට එල්ල වන චෝදනාවන්ට සෘජුව උත්තර දෙන්නත්, තමන්ගේ අදහස් නොබියව ඉදිරිපත් කරන්නත් වැඩි වශයෙන් ඈ වේදිකාව කරගන්නේ සමාජ මාධ්‍යය.

 

පියුමි ගැන ලියවෙන මේ සටහනට හේතුවත් ඇය සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කළ එක්තරා ආකාරයක 'සැර සටහනක්' සහ ෆේස්බුක් ස්ටෝරීස් කිහිපයක්.

 

''.....දවසක ජීවිතේ දිනන්න ආසාවෙන් ඉන්න හැම ගැහැනියකටම ජීවිතේ දිනන්න ලැබෙන්න ඕනෙ.

පාං පෙත්තක්වත් කන්න ඇඟේ පණ නැති නිට්ටැවෙක් මයික් ඉස්සරහට ගිහින් කුඩු සල්ලි money Lon-drying කියලා කෑගහන තරමටම සල්ලි හම්බ කරන්න

ඊයෙ දැක්කද video එක අයියො සංසාරෙ මග ඇවිද ගන්න පණ නෑ, මගෙ වත්කම් හොයන්න ලු.

රුපියල් 50 දාහාකට පිනට කැහැලා ඊයෙ කෑවද අයියා රෑට කුකුල් මස් ඒ සල්ලිවලින්

සල්ලි නෑ කිව්වා නම් ඔයාට ජීවිත කාලෙටම මම කන්න දෙනවා.

මොකද මම සත්තුන්ටම දෙන්නෙ KFC .

ඔයාට කොමත් මම බිම බාඩගාන් යන්න දෙනවා බොරු කියනවට.

වහින වෙලාවට එලියට බහින්න එපා මම සාප කරනවා වැහි නැති හෙන''

 

 

පියුමි හංසමාලිගෙ මේ සටහන, පසුගිය දවසක (17) ඇයගේ වත්කම් ගැන ප්‍රශ්න කළ මගේ රට සංවිධානයේ සභාපති සංජය මහවත්තගේ චෝදනාවන් සම්බන්ධයෙන් වන බව නම් පැහැදිලියි.

 

සටහනට අමතරව ඇය විසින් මෙලෙස ෆේස්බුක් ස්ටෝරීස් කිහිපයක් ද පළකර තිබුණා.

 

views

591 Views

Comments

arrow-up