මෙහෙම කෑමක් කන්න ලැබුණොත් ඔයා මොකද කරන්නෙ? - වාර්තා පොත් අතරට ගිය අපූරු කෑම

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.
බෑගට් එකක් කියලා කියන්නේ ප්‍රංශ සම්භවයක් තිබෙන දිගු තුනී පාන් වර්ගයක්.
පාන් හදන විදිහට සාමාන්‍ය පිටි මෝලියකින් තමයි මේ බෑගට් එකත් හැදෙන්නේ.
සාමාන්‍ය බෑගට්ටුවක විෂ්කම්භය සෙන්ටිමීටර 5 සිට 6 ක් පමණ වෙද්දී, දිග සෙන්ටිමීටර 65 ක් විතර වෙනවා.
හැබැයි සමහර බෑගට් මීටර් 1ක් විතර දිග වෙන එකත් සාමාන්‍යයයි.
කොහොම වුණත් මේ ප්‍රංශ බේකරිකරුවන් ගිනස් ලෝක වාර්තාව තිබ්බ බෑගට් එක මීටර 140ක් ම දිගයි නේ.
මීට කලින් මේ විදිහේ වාර්තාවක් තියලා තියෙන්නේ 2019 දී ඉතාලියේ කොමෝ නගරයේ කට්ටියක්. ඒ බෑගට් එක මීටර් 132.62 (අඩි 435) දිග වුණාලු.
ප්‍රංශ බේකරිකරුවන් නිර්මාණය කරපු මේ අලුත් බෑගට් එකට අවශ්‍ය පිටි මෝලිය සකස් කරන්න පටන් අරන් තියෙන්නේ පාන්දර 03.00 ඉදන්. චලනය වෙන අවන් එකක තමයි මේක බේක් කරලා තියෙන්නේ.
එහෙම නිර්මාණය කරපු මේ බෑගට් එකෙන් කොටසක් ප්‍රංශ ජනතාව එක්ක බෙදාගත්ත මේ පිරිස තමන්ගේ ගිනස් ලෝක වාර්තාව තිබ්බ බෑගට් එකේ ඉතුරු කොටස නිවාස නොමැති ජනතාවට බෙදා දීලා තියෙනවා.
464 Views
Comments