“මොන තරම් පුදුමාකාර හවුල්කාරිත්වයක්ද ” - තම ගමනට හයියක් වන සුවිශේෂී චරිතයක්ගැන යොහානි තැබූ සුබපැතුම (PHOTOS)

යොහානි.. නම කියූ සැනින් ඔබ ඇයව හඳුනනවා.
එහෙමත් නැත්නම් ලංකාවේ නම ජාත්‍යන්තරයට අරන් ගිය මැණිකේ.
යොහානිගේ නිර්මාණ කොහොමත් කවදත් වඩාත් කතාබහට ලක්වන අන්දමේ ඒවා.
එහෙම කතාබහට ලක්වන සිය නිර්මාණාත්මක ගමන පිටුපස ඉන්න අයෙක් වෙනුවෙන් ඇය ආදරණීය උපන්දින සුබපැතුමක් තබා තිබුණා.
ඒ, වසර ගණනාවක් පැරණි සේයා රූ ද සහිත අපූරු ඡායාරූප එකතුවක් සමඟ.
ඔහු නමින් දිලන්ජන් සෙනෙවිරත්න.
යොහානිගේ නිර්මාණවල සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කරන ඔහුගේ උපන්දිනය වෙනුවෙනුයි ඈ මෙවන් සුබපැතුමක් තබා තිබුණේ...
''අවුරුදු නවයක්...
අපගේ පළමු ප්‍රසංගයේ සිට මේ දක්වා,
ඔබ සෑම පියවරකදීම රොක්ස්ටාර් manager සහ executive producer වී ඇත.
මොනතරම් පුදුමාකාර හවුල්කාරිත්වයක්ද !! ''
388 Views
Comments