“මං කෙල්ලෙක් වගේ ඊයා කියලා කියනවා සර්” - තම පෙම්වතියව අවසන් ගමන් යැවූ පෙම්වතාගේ ඇඟ හිරිවැටෙන පාපොච්චාරණය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

“මං කෙල්ලෙක් වගේ ඊයා කියලා කියනවා සර්” - තම පෙම්වතියව අවසන් ගමන් යැවූ පෙම්වතාගේ ඇඟ හිරිවැටෙන පාපොච්චාරණය

“මං කෙල්ලෙක් වගේ ඊයා කියලා කියනවා සර්” - තම පෙම්වතියව අවසන් ගමන් යැවූ පෙම්වතාගේ ඇඟ හිරිවැටෙන පාපොච්චාරණය

ආදරේ කියන්නෙ හදවතේ ලස්සනම තැන්වල උපදින හැමෝම විඳින පූජනීයයි කියන හැඟීමක්

 

ඒත් ඒක එහෙම වෙන්නෙ ආදරණීය හදවතක් ළඟ නැවතුණොත් විතරමයි.

 

ආදරේට ජාති, ආගම් හෝ කුල බේද නැති බව කවුරු කොහොම කිව්වත් මේ මහ පොළවේ ඒවා යථාර්තයක් වෙන්නෙ නැහැ

 

මේ කතාවත් ඒ වගේ අවාසනාවන්ත කතාවක්.

 

කොළඹ නිවාස සංකීර්ණයක පදිංචිව සිටි තරුණියක්, ඇගේ සුඛෝපබෝගී ජීවිතේ සියලු‍ වියදම් කර තිබුණේ ඇගේ පෙම්වතා (ඔහුට අපි සුසෑන් කියමු)

 

මේ සුසෑන්ගේ පාපොච්චාරණය.

 

”‍එයා මාත් එක්ක යාලු‍වුනේ සල්ලිවලට. ඇත්ත ඒකයි, හැමෝම ඒක කිව්වා මට එයාව අතඅරින්න කියලා. ඒත් මම එයාට ගොඩක් ආදරේ කළා සර්, ගොඩක් ආදරේ කළා. මම ටිකක් ගෑනු ළමයෙක් වගේ. ඒ මගේ හැටි මිසක් මම සමලිංගිකයෙක් නෙවෙයි. මට කලින් කෙල්ලෙකුත් හිටියා. මම මේකිට හැමදේම දුන්නා. ආස කරපු හැමදේම. 

බියුටි වැඩවලටම මාසෙකට විසි දාහක් වෙනමම දුන්නා. හිටපු ගේ කුලිය ගෙව්වෙත් මමයි. හැමදාම පීසා යවනවා ඩිලිවර් එකේ. මම ඒ හැමදේම කළේ ආදරේට.”‍


 
”‍ඒත් සර් දන්නවද එයා කවදාවත් මාව ඉඹලවත් නෑ. මම ඇනෙක්ස් එකට ආවත් එයා මාව මඟ අරිනවා. මම බලෙන් ඉම්බමත් එයා ඊයා කියනවා. එයාට ලැජ්ජයි කියලයි කියන්නේ. ඒත් මං ඉවසුවා. කවදහරි එයාගේ ලැජ්ජාව නැතිවෙයිනේ කියලා. පස්සෙ මෙයා යාලු‍වෝ එක්ක රවුම් ගහන්න පටන් ගත්තා. එතැන කොල්ලොත් හිටියා. මම දැනගත්තා එයා මාව අයින් කරලා කියලා. හැබැයි මොනා හරි ඕනි වුණාම විතරක් මට කෝල් ගන්නවා. සල්ලි ඉල්ලනවා. මට ඇති වුණා. දවසක් ඒකිව හම්බෙන්න ගියේ සේරම විසඳගන්න. එදත් එයා මාව ඊයා කියලා අහකට දැම්මා. එදා තමයි එයා කිව්වේ තමුසේ කෙල්ලෙක් වගේ, තමුසෙට මාව ගැළපෙන් නෑ කියලා.”‍

 

”‍මගේ ඇස්වල කඳුළු පිරුණා. මම වැන්ඳේ නැති එක විතරයි. මම කොල්ලෙක්. මම ඒක කොහොමද ඔප්පු කරන්නේ? සමහර විට මොන කරුමෙකට හරි මගේ හැසිරීම එහෙම වෙන්න ඇති. ඒත් සර් මම ඒකිට කරපු ආදරෙත් බොරුද එතකොට. ඒකි මාව යූස් කළා මදිවට ඒ විදිහේ ජරා කතා කියද්දි මට යකා නැග්ගා සර්. එදා මම ඒකිව කිරුළපනට ගෙන්න ගත්තෙම මරලා දාන්න. මරනවාට වඩා මට ඕනි වුණේ ඒකි විඳවනවා බලන්න. මම ඒකිගේ බෙල්ල මිරිකලා අඩපණ කරලා ඒකි එක්ක ලිංගිකව එකතු වුණා. සර් එදා තමයි ජීවිතේ මම වැඩිපුරම සතුටු වුණේ.”‍

 

”‍ඒත් මම සෙක්ස් කරලා තියෙන්නෙ මළමිනියක් එක්ක කියලා මට පස්සෙයි මට තේරුණේ. ඒත් මට දුකක් දැණුනේ නෑ. මම ඒ මිනියේ කම්මුල්වලට ගගහා සතුටු වුණා. හූ තිබ්බා. පස්සෙ මමම ඇවිත් පොලිසියට භාරවුණේ මට පැනලා යන්න වුවමනා නැති නිසා. ඕකයි සර් මගේ කතාව. සර්ලට ඕනි විදිහේ දඬුවමක් මට දෙන්න.”‍

 

”‍ඇත්තටම මගේ හිත දැන් නිදහස්. ආදරේ නිසා විඳව්වා ඇති මම, තවත් නම් බෑ”‍

views

336 Views

Comments

arrow-up