සරාගී විලාසිතාවකින් සැරසී රාජ කුමාර විලියම්ව දැලේ දා ගත් කේට් මිඩ්ල්ටන් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

සරාගී විලාසිතාවකින් සැරසී රාජ කුමාර විලියම්ව දැලේ දා ගත් කේට් මිඩ්ල්ටන් (PHOTOS)

සරාගී විලාසිතාවකින් සැරසී රාජ කුමාර විලියම්ව දැලේ දා ගත් කේට් මිඩ්ල්ටන් (PHOTOS)

විලියම් - කේට් යුවළ විවාහ වෙලා 13න් වසරක් පිරුණා ගෙවුණු අප්‍රේල් 29 වැනිදාට.

 

ඔවුන්ගේ විවාහ සංවත්සරයත් එක්ක රස කතා ගොඩක් ජාත්‍යන්තර මාධ්‍ය අවකාශයන්හි හුවමාරු වෙන්න ගත්තා.

 

එහෙම හුවමාරු වුණු කතාවකි කේට් මිඩ්ල්ටන්, විද්‍යාලයේදී සූක්ෂම ආකාරයෙන් විලියම් කුමරුව ලුහුබැඳ ගියා කියන කතාව !

 

මේ කතාවත් එක්ක කියවුණු තවත් කතාවක් තමයි ඈ එහෙම කුමරුව පොළඹවා ගන්න ආකර්ෂණීය විලාසිතාවක් තෝරාගත් බව. (විලාසිතා දැක්මකදී)

 

මේ කතා මූලාශ්‍රයන්හි අවසාන නිගමනය තමයි, වේල්ස් කුමරු සහ කුමරිය අතර සුරංගනා ආදර කතාව කේට් විසින් සංවිධානය කරන ලද 'උපායමාර්ගික' එකක් වන බව.

 

මේ සටහන ඒ ගැන...

 

 

විලියම් - කේට් යුවළ මුණගැහෙන්නෙ 2001 වසරේ ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෘ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී.

 

නමුත් ලෝක ප්‍රකට Elle සඟරාවට අනුව ඒ හමුව අහම්බයක් නෙවෙයි.

 

කේම්බ්‍රිජ් හි රාජකීය ඉතිහාසඥයෙකු වන රොබට් ලේසි 2020 වසරේදී නිකුත් කළ, ''Battle of Brothers : William and Harry - The Inside Story of a Family in Tumult'' කෘතියේ ඔහු කේට්ව නිරූපණය කරන්නේ ඇයට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා කැපකිරීම් කළ 'උපායමාර්ගික කාන්තාවක්' හැටියට.

 

එහිදී ඔහු පෙන්වා දෙනවා කේට් සූක්ෂමව සිය විශ්වවිද්‍යාලය පවා අතැර St. ඇන්ඩෘස් වෙත ආ බවට.

 

'කේට් ඉතා උපායශීලී විය.

ඇය බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන එඩින්බරෝ හි ඇගේ ස්ථානය අත්හැර වෙනත් එකක් [St. ඇන්ඩෘස්] වෙත ගිය ද බොහෝ විට එහි අධ්‍යයන ප්‍රමිතියක් නොතිබුණි.

විශ්වවිද්‍යාල මාරු කර ඇයගේ පාඨමාලා 'කලා ඉතිහාසයට' මාරු කළේ එය විලියම්ගේ ද වූ බැවිනි.

ඇය තම අධ්‍යාපනයත් වසරකින් ප්‍රමාද කළා..''

 

 

ඒ විතරක් නෙවෙයි ඔහු සිය කෘතියේ පෙන්වා දීලා තියෙනවා, ශිෂ්‍ය විලාසිතා දැක්මක් අතරතුර කේට් විලියම්ව වසඟයට ගැනීමේ අරමුණ ඇතිව විලාසිතා තෝරාගත් බවට.

 

විලියම් ඊට ඇතුළු වීමට පවුම් 200ක් ගෙවා ඇති බවත් සඳහන්.

 

කේට් විලාසිතා දැක්ම සඳහා තෝරාගෙන තිබුණු චාලට් ටොඩ් විසින් නිර්මාණය කරන ලද අතින් ගෙතූ විනිවිද පෙනෙන සේද ඇඳුම නරඹන්නන් සහ මහජනයා මවිතයට පත්කළ අයුරු විස්තර කර ඇත්තේ, අනාගත රජු තමා වෙත ආකර්ෂණය කරගැනීමට කේට් යෙදූ උපක්‍රමයක් හැටියට.

 

 

විලාසිතා දැක්මේදී විලියම් මවිතයට පත්ව, ඔහු සිය මිතුරා වන ෆර්ගස් බොයිඩ් දෙසට හැරී "Wow, Fergus, Kate's hot!" යනුවෙන් ප්‍රකාශ කළ බවත් කියවෙනවා.

 

 

මේක කේට් - විලියම් ආදර කතාවේ ප්‍රසිද්ධ රහසක් !

 

මේ කතාව ගැන 2011 වසරේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී යුවළගේ මිතුරෙක් වන වන පැට් ඩන්කන් ද ඇසින් දුටු සාක්ෂි මත මෙලෙස අදහස් දක්වා තිබුණා.

 

"ඒ ඔවුන්ගේ පළමු වසරේ අවසානය විය. මම එහි සිටියෙමි.

පෞද්ගලිකව ආකර්ෂණීය ගැහැණු ළමයින් බොහෝ දෙනෙක් සිටියා.

එහි කේට් ඉතා නිර්භීත ඇඳුමකින් සැරසී සිටියා.

ඔහු ඉදිරි පේළියේ වාඩි වී සිටි අතර ඔහුගේ ඇස් ආදරයෙන් මුසපත් විය...''

 

 

ඒ අනුව අදාළ සුප්‍රසිද්ධ විලාසිතා දැක්ම යුවළගේ සබඳතාවයේ හැරවුම් ලක්ෂ්‍යය බවයි සඳහන් වෙන්නෙ.

 

එය අවසානයේ දෙදෙනා සමීප මිතුරන්ව, ආදර සබඳතාවයක් දක්වාත් එතනින් එහාට විවාහයක් දක්වාත් දුරදිග ගිය එකක් !

 

 

විවාහයෙන් 13 වසරක් ගතව දරුවන් තිදෙනෙකු ද වන ඔවුන්ගේ ප්‍රේම කතාවේ සුවිශේෂී අංගයක් ලෙස ගිනිය හැකි දළ වශයෙන් එකල ඩොලර් 40ක් පමණ වැය කළ එම ඇඳුම, 2011 වසරේ වෙන්දේසියකදී පුදුම සහගත ලෙස පවුම් 78,000 කට අලෙවි වූ බව සඳහන්.

 

ඒ, එම විලාසිතාව කේට්ගේ හොඳම විලාසිතා අවස්ථාවලින් එකක් ලෙස ගෙනහැර දක්වමින්....

views

3497 Views

Comments

arrow-up