“ඔබේ ආදරය, ශක්තිය සහ නිමක් නැති කැපකිරීම් ලෝකය යහපත් තැනක් කරයි...” - පුබුදු - මාෂි දෙන්නගෙ පැංචි මව්වරුන්ගේ දිනය දා (PHOTOS)

ඊයේ (12) මව්වරුන්ගේ දිනය.
ගැහැනියකට මෙලොව ලබන්න පුළුවන් උත්තරීතරම පදවිය, මව් පදවිය.
ඊට සමාන කළ හැකි හෝ එය ඉක්මවා යන තවත් යමක් ඇතැයි හිතන්න අමාරුයි.
ඉතින් ඊයේ දවස මාෂිට හරි විශේෂ දවසක් වුණේ ඇය මවක් වීමෙන් පසු සමරන ඇගේපළවෙනි මව්වරුන්ගේ දිනය වීම නිසාවෙන්.
එහෙම කුළුඳුළේම මව් පදවිය ලැබූ ඇය මෙවන් ආදරණීය සටහනක් එක්ක දෝණි පොඩ්ඩ ඉන්න ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා.
''මගේ පළමු මව්වරුන්ගේ දිනය
සියලුම මව්වරුන්ට සුබ මව්වරුන්ගේ දිනයක් !
ඔබේ ආදරය, ශක්තිය සහ නිමක් නැති කැපකිරීම් ලෝකය යහපත් තැනක් කරයි...''
1168 Views
Comments