“සතුට යනු.....” - පවුම් 15ක් ගෙලෙහි පළඳා මෑණියන්ව රනින් බැබළ වූ පියුමි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

“සතුට යනු.....” - පවුම් 15ක් ගෙලෙහි පළඳා මෑණියන්ව රනින් බැබළ වූ පියුමි (PHOTOS)

“සතුට යනු.....”  - පවුම් 15ක් ගෙලෙහි පළඳා මෑණියන්ව රනින් බැබළ වූ පියුමි (PHOTOS)

අම්මා තාත්තා ආස කරන පුංචිම පුංචි දෙයක් හරි අරන් දුන්නාම ඒ මූණුවල පිරෙන සතුට, දරුවන්ගේ හිත්වල ඇති කරන්නේ කියාගන්න බැරි තරමේ ඊටත් වඩා මහා ලොකු සතුටක්. සැනසීමක්.

 

කාලයක් අම්මා තාත්තා, දරුවො වෙනුවෙන් දේවල් කළා. ඉතින් දරුවන්ට පුළුවන් කාලේ අම්මා තාත්තා වෙනුවෙන් දේවල් කරන්න ලැබීම කෙතරම් වාසනාවක් ද.

 

එහෙම කියන්න හේතුවක් තියෙනවා. මොකද හැම දරුවෙක්ට ම දෙමාපියන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න, හිත් සතුටු කරන්න ඉඩක් ලැබෙන්නේ නෑ.

 

ඒකට එක හේතුවක් දරුවො යම් ස්ථාවරයකට ඇවිත් ''යාන්තම් ඔළුව උස්සන්න පටන් ගන්නකොට'' දෙමාපියන් මේ ලෝකේ හැර ගිහින් සිටීම.

 

අනෙක් කාරණය නම් තමන්ගේ වත්කමේ හැටියට දෙමාපියන්ගේ හිත් සතුටු කිරීමට තරම් හැකියාවක් දරුවන්ට නොතිබීම.

 

නමුත්, ඉඩක් ලද මොහොතක පුංචිම පුංචිම දේකින් හරි දෙමාපියන්ගේ හිත් සතුටු කළ හැකියි නම් එයයි සැබෑම වටිනාකම.

 

මේ කතාව මෙහෙම ලියවෙන්න හේතු වුණේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගෙවුණු මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ඇගේ මවට ලබාදුන් අගනා ත්‍යාගය.

 

ඇගේ සටහනේ හැටියට එහි වටිනාකම ලක්ෂ 30ක්.

 

මේ පවුම් 15ක මාලය තමයි පියුමිගෙන් අම්මාට ලැබුණු වටිනා කියන ත්‍යාගය.

 

 

තෑග්ග අතට ගත්තාම ඒ අම්මගෙ මූණේ සතුටත්, අම්මගෙ මූණ පිරෙන හැටි බලාගෙන පියුමිගෙ මූණෙ ඇඳෙන හිනාවත් බලන්නකො...

 

 

මව්වරුන්ගේ දිනය දා තම මෑණියන්ගේ හිත සතුටු කළා සේම, ඇය තවත් මව් පියවරුන්ගේ හිත් සතුටු කරන්නත් කටයුතු කරලා තිබුණා.

 

''මව් වරුන්ගේ දිනෙ දවසෙ අනේ මට හිතුනා ටිකක් ඈතක තියන වැඩිහිටි නිවාසෙකට උපකාරයක් කරන්න.

පවු දැක්කම හරිම දුකයි.

දන්නවද සමහර අයගෙ අසනීප හොඳ වෙලා.

හොඳට ඉන්න අම්මා තාත්තලා එහෙමත් ඉන්නවා.

ඒත් දරුවො ගෙදර එක්කන් යන්න එන්නෙ නෑලු.. අත හැරලම දාලා ලු

හුස්ම තත්පරෙකට නැවතුනා ඒක අහලා.

හිත්වල කොච්චර දුක හිර කරන් ඉන්නවා ඇතිද?

දෙවියනෙ, දවසක අපි අරන් යන්නෙ මේ කරන පිං පමණයි.

ඉතින් නොපමාව පිං රැස් කරන්න''

 

views

5973 Views

Comments

arrow-up