සුපිරි ඛාන්ලා තුන්දෙනාගෙම ප්‍රධාන නිළිය “මධූරි” - ඔබට සුබ උපන් දිනයක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

සුපිරි ඛාන්ලා තුන්දෙනාගෙම ප්‍රධාන නිළිය “මධූරි” - ඔබට සුබ උපන් දිනයක් (PHOTOS)

සුපිරි ඛාන්ලා තුන්දෙනාගෙම ප්‍රධාන නිළිය “මධූරි”  - ඔබට සුබ උපන් දිනයක්  (PHOTOS)

80-90 දශකයේ බොලිවුඩ් සිහින කුමාරියක් වුණ මධූරි ඩික්සිත් අද උපන් දිනය සමරනවා.

 

1984 වසරේදී බොලිවුඩ් සිනමා නිළියක් විදිහට ගමන් ආරම්භ කරපු මධූරිට මේ වෙනකොට ලෝකේ වටේම රසික රසිකාවියෝ ගොඩ දෙනෙක් ඉන්නවා.

 

 

මධූරිගේ දක්ෂතා පෙන්වපු කාටත් අමතක වෙන්නේ නැති නිර්මාණ අතරේ Abodh (1984) Tezaab (1988),Ram Lakhan (1989), Parinda (1989), Tridev (1989), Kishen Kanhaiya (1990),Beta (1992), Khalnayak (1993), Hum Aapke Hain Kaun! (1994), Raja (1995), Dil To Pagal Hai (1997), Devdas (2002) වගේ චිත්‍රපට ප්‍රසිද්ධයි.

 

 

සාමාන්‍යයෙන් බොලිවුඩ් නිළියකට ලැබෙන්නේ නැති අවස්ථාවක් කියලා කියන ඉන්දියාවේ සුපිරි ඛාන්ලා තුන් දෙනාවන ශාරුක් ඛාන්, සල්මාන් ඛාන් වගේම ආමිර් ඛාන් එක්ක ප්‍රධාන නිළිය විදිහට නිර්මාණවලට එකතු වෙන්න මධූරි ඩික්සිත්ට හැකියාව ලැබිලා තියෙනවා.

 

 

දක්ෂතම බොලිවුඩ් නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය කිහිපවරක්ම දිනාගෙන තියෙන මධූරි ඩික්සිත්ට ඉන්දීය රජය පද්මශ්‍රී සම්මානයත් දිනාගත්ත දක්ෂ නිලියක් වගේම නර්ථන ශිල්පිනියක්.

 

 

1999 දී වෛද්‍යවරයෙක් එක්ක විවාහ වුණ ඇය අමෙරිකාවේ පදිංචියට ගියා. මේ වෙද්දී පුතාලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වෙන මධූරි බොලිවුඩ් නිර්මාණවල වගේම නර්තන වැඩසටහන් වලට තමන්ගේ දායකත්වය දෙනවා දකින්න පුළුවන්.

 

views

764 Views

Comments

arrow-up