එයාට දැන් අවුරුදු 43යි - පවුලේ ආදරණීයන් එක්ක සිය උපන්දිනය සැමරූ සනී ලියොන් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

එයාට දැන් අවුරුදු 43යි - පවුලේ ආදරණීයන් එක්ක සිය උපන්දිනය සැමරූ සනී ලියොන් (PHOTOS)

එයාට දැන් අවුරුදු 43යි - පවුලේ ආදරණීයන් එක්ක සිය උපන්දිනය සැමරූ සනී ලියොන් (PHOTOS)

''සනී ලියෝන්'' කියන නම නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තරමට ඇය අතිශය ජනප්‍රියයි.

 

කලක් නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ නිතර කතාබහට ලක්වුණු ඇය, දැන් එයින් ඉවත්ව සිය පවුලට මුල්තැන දෙමිනුයි කටයුතු කරන්නේ.

 

ඒ කෙසේ නමුත් සනී ලියෝන් නම කියූ සැනින් මතකයට එන්නේ ඈ ''නිල් චිත්‍රපට නිළියක්'' හැටියට. දැන් ඊට ''හිටපු'' කියන කොටස එක්විය ‍යුතු කාලය ඇවිත්.

 

සනීට  13 දවස හරි විශේෂ දවසක්. ඒකට හේතුව, ලොවක් ආකර්ෂණය කළ මේ සුරූපිනියගේ 43 වන උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබීම නිසාවෙන්.

 

උපන්දිනය සමරන්න ඈ තෝරාගෙන තිබුණේ සිය හදවතට සමීප ආදරණීය පවුලේ උදවිය.

 

ඒ අනුව දරුවන් සහ සැමියා එක්ක සැමරූ උපන්දිනයේ විශේෂ අවස්ථා සමාජ මාධ්‍ය වෙත එක්කාසු කරන්නත් ඇය අමතක කර තිබුණේ නෑ.

 

 

සටහන මුල අපි කිව්වා වගේ සනී ඇගේ ආදරණීය පවුලට මුල්තැන දීලා කටයුතු කරන තැනැත්තියක්.

 

ඒ බව වඩාත් පැහැදිලියි පවුලේ අය එක්කාසු වුණාම ඇගේ මුහුණින් මැකී නොයන සිනහවෙන්.

 

තමන් වෙනුවෙන් සූදානම් කළ උපන්දින සැමරුමට සැමියා වන ඩැනියෙල් වෙබර්ට සහ දරුවන්ට ස්තුතිවන්ත වෙන්නත් ඇය අමතක කරලා නෑ.

 

 

සනී වෙනුවෙන් සකසා ඇති කේක් එකත් හරි විශේෂයි.

 

එය නම් වෙලා තිබුණේ, 'සුභ උපන්දිනයක් කැරන්' යනුවෙන්. 'කැරන්' යනු සනීගේ මුල් නමයි (කරෙන්ජිත් කෞර් වොහ්රා)

 

 

උපන්දිනය වෙනුවෙන් සනීට ලැබුණු සුබපැතුම් අතර ඇගේ සැමියා තබා තිබූ සුබපැතුමට කාගෙත් අවධානය යොමුව තිබුණා.

 

''සුබ උපන්දිනයක් බබා !

මම ඔබට ආදරෙයි, අපි ඔබට ආදරෙයි, ලෝකය ඔබට ආදරෙයි...''

 

 

සනී ලියෝන් කාමුක රැජිනක් ලෙස ප්‍රසිද්ධ වුවද ඇය නිර්මාණ කිහිපයකටම දායක වී ඇති දක්ෂ රංගන ශිල්පිනියකි. නිරූපණ ශිල්පිනියකි.

 

Jism 2, Ragini MMS 2, Ek Paheli Leela, Kuch Kuch Locha Hai, Mastizaade, සහ තවත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම වැඩ කර ඇති ඇය ඇය අවසන් වරට පෙනී සිටියේ 2023 වසරේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපටයක් වන Kennedy චිත්‍රපටයේය.

 

අනුරාග් කාශ්‍යප් විසින් අධ්‍යක්ෂණය කළ එහි ඇය රංගනයේ යෙදුණේ රාහුල් භාත් සමඟයි.

 

මේ වන විට ඇය The Ivan සහ Mrudhu Bhave Dhruda Kruthye යන නිර්මාණ එක්ක කාර්‍යබහුලව ඇති බව සඳහන්.

 

Q

views

891 Views

Comments

arrow-up