කෝලි - අනුෂ්කා යුවළගෙන් ඇදහිය නොහැකි තෑග්ගක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

කෝලි - අනුෂ්කා යුවළගෙන් ඇදහිය නොහැකි තෑග්ගක් (PHOTOS)

කෝලි - අනුෂ්කා යුවළගෙන් ඇදහිය නොහැකි තෑග්ගක් (PHOTOS)

කෝලි - අනුෂ්කා කැදැල්ලට පොඩ්ඩො දෙන්නෙක් ම ආවා.

 

ඒ දියණිය වමිකා සහ පුතු අකායි (Vamika and Akaay)

 

සුවිශේෂීම කාරණය නම් මේ පැටව් දෙන්නව තවම මාධ්‍යයට නිරාවරණය නොකිරීම.

 

සමාජ මාධ්‍යයේ හෝ වෙන යම් ප්‍රසිද්ධ මාධ්‍යක මේ දෙන්නගෙ ඡායාරූප දකින්න ලැබෙන්නෙ නෑ.

 

දියණිය වමිකාගේ ඡායාරූප එකක් දෙකක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණත් ඒ එකකවත් මුහුණ නම් පේන්න නෑ.

 

 

තරු ලෝකයේ සිය පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කරන යුවළකි, කෝලි සහ අනුෂ්කා දෙපළ.

 

ඊට කදිම උදාහරණයත් ඔවුන් සිය දරුවන්ව තවමත් රසික සමූහයා ඉදිරියට නොගෙනීම.

 

දියණිය ගැන කතාබහේදී ඒ ගැන වරෙක ඔවුන් කියලා තිබුණෙ, සමාජ මාධ්‍ය තුළට දියණියගේ ඡායාරූප එක්කාසු කිරීම දිනක ඇයටම තීරණය කරන්න දෙන්න ඕනි කාරණාවක් මිස තමන්ගෙ කැමැත්ත නොවිය යුතුයි කියලා.

 

 

ඉතින් මේ තීරණය ලේසි පහසු එකක් නොවන බව පැහැදිලියිනෙ.

 

ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන, මාධ්‍ය එක්ක සෘජුව ගනුදෙනු කරන කෝලි - අනුෂ්කා යුවළට වෙනම අමතර වෙහෙසක් දරන්න වෙනවා දරුවන්ගේ මුහුණු කැමරා කාචවලින් වසන් කිරීමට.

 

ඊට ඔවුන්ට වඩාත් සහය දක්වලා තිබුණේ පැපරාසීන්.

 

ඔවුන් දෙදෙනා පැපරාසීන්ගෙන් ඉල්ලීමකුත් කරලා තිබුණා සිය දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙස.

 

ඊට ගරු කළ පැපරාසීන් වෙනුවෙන් පෙරළා ගෞරව දක්වන්න කෝලි සහ අනුෂ්කා පහුගිය දවසක කටයුතු කරලා තිබුණා.

 

බොලිවුඩ් ආරංචි මාර්ගවලට අනුව, ඒ පැපරාසීන් වෙත තෑග්ගක් යවමින්.

 

එහිදී දරුවන්ගේ ඡායාරූප කැමරා කාචයට හසුනොකර ගැනීම පිළිබඳව මෙලෙස හෘදයාංගමව කෘතවේදීවී තිබුණු බවත් සඳහන්.

 

“අපගේ දරුවන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම සහ සැමවිටම සහයෝගයෙන් කටයුතු කිරීම ගැන ඔබට ස්තූතියි!

ආදරයෙන්, අනුෂ්කා සහ විරාත්...''

 

වාර්තා වන ආකාරයට සිත්ගන්නා සුළු අයුරින් සරසන ලද අදාළ තෑගි පාර්සලයට power bank එකක්, කුඩා බෑගයක්, ස්මාර්ට් ඔරලෝසුවක් සහ වතුර බෝතලයක් ඇතුළත්.

 

 

අද වන විට, මෙම යුවළ වසර කිහිපයක සිට දියණියගේ මුහුණ මාධ්‍යයෙන් වසන් කරමින් ඇයව ජනප්‍රියත්වයෙන් ඈත් කිරීමට උපරිම උත්සාහයක් ගෙන ඇත.

 

එලෙස දරුවන් ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ඈත් කිරීම තුළින් කෝලි - අනුෂ්කා යුවළ සාමාන්‍ය පවුල් ජීවිතයක් ගෙවන යුවළක් බවට පත්ව ඇති සෙයකි.

 

ඔවුන් වඩාත් කල්පනාකාරී වන්නේ දරුවන්ගේ පෞද්ගලිකත්වය කෙරෙහි ය. දරුවන්ට වන බලපෑම සහ විය හැකි බලපෑම කෙරෙහිය.

 

වගකීම් සහගත දෙමාපියන් ලෙස එතැනදී ඔවුන් සාර්ථකව ඇති බවත් කිව යුතුය.

 

views

1847 Views

Comments

arrow-up