අසේකා - ජනික් යුවළගේ මංගල ඡායාරූපයක් ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ අතින්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

අසේකා - ජනික් යුවළගේ මංගල ඡායාරූපයක් ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ අතින්

අසේකා - ජනික් යුවළගේ මංගල ඡායාරූපයක් ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ අතින්

චන්න උපුලි යුවලගේ දියනිය අසේකා විජේවර්ධන ගේ විවාහ උත්සවය පසුගියදා කොළඹ ශ්‍රැංගිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.

කලා ලෝකයේ තරු රැසක් සහභාගි වූ මෙම උත්සවයේ දී ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මහතා මොවුන් දෙදෙනාට දෙපලගේ මංගල ඡායාරූපයක් තෑගි කර තිබුණා.

ඡායාරූපය සමගම ඔවුනට සුබ පතා සටහනක්ද එකතු කිරීමට දයාන් විතාරණ මහතා අමතක කර තිබුණේ නැහැ.

කලා ලෝකයේ තරු සියල්ලන්ගේම පාහේ ඡායාරූප තම කාචයේ සටහන් කරන දයාන් විතාරණ මේ දෙපළගේ ඡායාරූපයක් නොගත්තොත් ඒක ලොකු අඩුවක් කියලා තමයි සාමාන්‍යයෙන් කලා ලෝකයේ මතය වන්නේ.

දයාන් විතාරණ එක්කල සුභ පැතුම් පණිවිඩය පහතින්.

" ජනික්ටත් අසේඛාටත් ජය සතුට සපිරි අනාගතයකට සුබාසිරි .................................

දේශීය නර්තන කලාවේ මහා පුරාවෘත්තයක් වන නැසීගිය පණීභාරත සූරීන්ගේ මිණිපිරිය සේම, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරු වන ජනික් ජයසූරිය ඉකුත් දා නීත්‍යානුකූල ලෙසින් විවාහ ගිවිසගත් අතර ඊයේ දින සිංහල සම්ප්‍රදායානුකූලව ඔවුහු පෝරු මස්තකාරූඩව සියලු චාරිත්‍ර ඉටුකොට යුග දිවියට අවතීර්ණ වූවෝය. 

ඒ වෙනුවෙන් පැවැත්වුණු සාදයට ද මා හට පෙර සේ ම ඇරයුම් කළ අතර Shangri La හෝටලයේ දී ඊයේ රාත්‍රියේ දේශීය නර්තන රංගන ගායන වැනි කලා තරු පිරිවරමින් එම උත්සවය උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණි. එහිදී මවිසින් ගත් නව යුවළගේ මංගල අලේඛ්‍ය ඡායාරූපයක් මෙසේ ඔවුන් දෙපළට තිළිණ කරන්නෙමි.

අසේඛාව ඊයේ දින සුන්දර ලෙසින් හැඩගන්වා තිබූ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ධනංජය බණ්ඩාර විසින් වන අතර, ආදරණීය අසේඛාටත් ජනික්ටත් දිනූ ප්‍රේමයේ අනුහසින් යුග දිවියේ යෙහෙන් තුටින් සුවෙන් වෙසෙන්නට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී චිරජීවනයම සැලසේවායි සුබාසිරි ගෙනෙමි !!! "

 

views

190 Views

Comments

arrow-up