විවාහ ලියාපදිංචිය දී තෙරුවන් සරණයි කියලා අත්සන් කරලා - වීඩියෝවේ සැබෑ අයිතිකාරිය කියන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

විවාහ ලියාපදිංචිය දී තෙරුවන් සරණයි කියලා අත්සන් කරලා - වීඩියෝවේ සැබෑ අයිතිකාරිය කියන කතාව

විවාහ ලියාපදිංචිය දී තෙරුවන් සරණයි කියලා අත්සන් කරලා - වීඩියෝවේ සැබෑ අයිතිකාරිය කියන කතාව

විවාහ ලියාපදිංචි අවස්ථාවක දී සිදු වූ අපූරු සිද්ධියක් සහිත වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලවල කා අතරත් ජනප්‍රිය මාතෘකාවක් වුනා.

 

පුංචි ම පුංචි සිද්ධිය වන මේ වීඩියෝවෙන් මුළු ලංකාවම හිනස්සන්න මේ කපල් එකට පුළුවන්කම ලැබුණා.

 

ඒක තමයි විවාහ ලියාපදිංචියයේ දී තෙරුවන් සරණයි කියලා අත්සන් කරපු වීඩියෝව.

 

ඒ වීඩියෝවේ සැබෑ අයිතිකාරිය මේ ගැන ඇගේ මුහුණු පොතේ සටහන් කර තිබුණේ මෙවන් සටහනක්,

 

“මේ විඩියෝ එකේ ඉන්නේ මායි මගේ හස්බන්ඩ්ගෙයි එන්ගේජ්මන්ට් එක දවසේ උන පොඩි සිද්ධියක්, ඇත්තම කිව්වොත් ඒක පොඩිමත් නෑ. එතන උන කිසිම දේකට මගෙයි මගේ හස්බන්ඩ්ගෙයි ඇරෙන්න රෙජිස්ට්‍රාර් මිස්ගේ කිසිම වැරැද්දක් නෑ. එයා අපිට කිව්වේ ආගම සිහි කරගෙන අත්සන් කරන්න කියලා, අපි දෙන්නා පොඩ්ඩක් කන්ෆියුස් උනා එච්චරයි. අපි දෙන්නා ඕන තරං විහිලු දන්නවා කියන එකක් අපි දෙන්නට කියන්න.”

 

 

 

මේ දෙදෙනාගේ තවත් ලස්සන ඡායාරූප කීපයක් පහතින්.

 

 

 

 

 

 

views

277 Views

Comments

arrow-up