පුතාට මඟු‍ල් කතා කරන්න ගිය තාත්තා මනාලියගේ අම්මාට වහ වැටිලා - අවසානයේ පියාට හා පුතාට වූ සිදුවු දේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

පුතාට මඟු‍ල් කතා කරන්න ගිය තාත්තා මනාලියගේ අම්මාට වහ වැටිලා - අවසානයේ පියාට හා පුතාට වූ සිදුවු දේ

පුතාට මඟු‍ල් කතා කරන්න ගිය තාත්තා මනාලියගේ අම්මාට වහ වැටිලා - අවසානයේ පියාට හා පුතාට වූ සිදුවු දේ

තම පුත්‍රයාට කටයුත්තක් කතා කරන්නට ගිය පියෙකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමඟ අනග රැඟු‍‍ම් පෑමට ගොස් පුතුගේ කසාදයට තට්ටු වූ බව කියන පුවතකි.


එම ගමනට එක්වූවෙකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.


ඔහු රාජ්‍ය සේවකයෙකි. ඇය ද එම ආයතනයේ සේවිකාවක් වූවාය. ඇයත් ඔහුත් අතර කලක සිට පැවති දැන හැඳුනුම්කම ආදරයකට පෙරළුණි. 

ප්‍රේම සබඳතාව නිවෙස් දෙකේම උදවියට රහසක් නොවූවත් කටයුතු කාරණා සිදුවිය යුත්තේ සිරිත් විරිත්වලට අනුව බව දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ අදහස විය.


තම අනාගත ලේලියගේ පවුල් පසුබිම සොයා බලන්නට කතිකා කරගත් මනාල පාර්ශ්වයේ පිරිසක් පසුගිය දිනෙක මනාලියගේ නිවසට පැමිණියේ චාරිත්‍ර වාරිත්‍රවලට අනුවය.


නෑගම් පැමිණි පිරිසට මනාලියගේ පාර්ශ්වයෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. ආ ගිය තොරතුරු කතාබහ කරමින් දෙපාර්ශ්වයේම පිරිස් දැන හඳුනාගත්හ.


බෙහෙවින් සංග්‍රහශීලී අයෙකු වූ මනාලියගේ පියා තම දියණිය බලන්නට පැමිණි මනමාල පාර්ශ්වයේ පිරිමි උදවිය වෙනුවෙන් සුළු මත්පැන් සංග්‍රහයක්ද සංවිධානය කළාය.


ඒ වන විටත් නගරයෙන් මද පමණට සප්පායම්ව පැමිණි මනාලයාගේ පියා තම අනාගත ලේලියගේ නිවසින් ලද සංග්‍රහයද හොඳ හැටි සප්පායම් වූවේ කිසිදිනක මත්පැන් පොදක් ඇස නොගැටුණු අයෙකු මෙනි.


පදම වැඩි වූ මනාලයාගේ පියා තමන් සමග පැමිණි ඥාති කාන්තාවන්ගෙන් ආරම්භ කළ ඇතැම් විහිළු තහළු අනාගත ලේලියගේ මව දක්වාම ගියේ සීමාව ඉක්මවාය.


තම අනාගත බෑනාගේ පියාගේ ඇතැම් විහිළු නොරිස්සූ මනාලියගේ මව “මේ මොන කෝලමක් දැ” යි කීප විටක්ම පවසමින් ඔහු මගහැර යන්නට කොතෙක් උත්සාහ කළත් එය ඇයට පහසු කාර්යයක් වූයේ නැත.


මුලින් එය බොහෝ දෙනෙකුට සිනහවට කාරණයක් වුවත් මද වේලාවක් ගත වෙද්දී එය ඇස් රතුවෙන විහිළුවක් දක්වා දුර දිග ගියේ තම බිරිඳට බෙහෙවින් ආදරය කළ මනාලියගේ පියාගේද රතු කට්ට පැනීමෙනි.


සුහදතාවයෙන් ඇරඹුණු සාදය අවසානයේ ගුටි කෙළියකට නොයා යාන්තමින් බේරා ගත්තේ මනමාල පාර්ශ්වයේත් මනාලියගේ පාර්ශ්වයේත් ඥාතීන් කිහිපදෙනකුට පිං සිදුවන්නටය.


‘“මේ වගේ මිනිහෙකුගේ දරුවෙකුට අපේ දුවක් දෙන්න පුළුවන්ද” පවසමින් මනාලියගේ පියාත් මවත් අනාගත බෑනා ඇතුළු පිරිසගේ මුහුණටම පවසා සිටියේ වසර දෙකක් තිස්සේ පෙමින් වෙළුණු යුවළගේ ආදරයට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි.

views

486 Views

Comments

arrow-up