28 ගුරුවරිය සමඟ පෙම් සුව විඳිමින් සිටි 53නේ සුළු සේවක දරාගත නොහැකිව ප්‍රෙශර් වැඩිවී හෝටල් කාමරයෙන් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

28 ගුරුවරිය සමඟ පෙම් සුව විඳිමින් සිටි 53නේ සුළු සේවක දරාගත නොහැකිව ප්‍රෙශර් වැඩිවී හෝටල් කාමරයෙන් රෝහලට

28 ගුරුවරිය සමඟ පෙම් සුව විඳිමින් සිටි 53නේ සුළු සේවක දරාගත නොහැකිව ප්‍රෙශර් වැඩිවී හෝටල් කාමරයෙන් රෝහලට

කන්ද උඩරට අගනගරයට ආසන්න ප්‍රධාන නගරයක තරමක් ප්‍රසිද්ධ පාසලකි.

 

මෙම පාසලට ලඟකදී පැමිණි ගුරුවරියක් වූ ඇය කා අතරත් ප්‍රසිද්ධියට පත්වන්නට වැඩි කලක් ගත නොවීය.

 

ඒ ඇය විදුහලේ ඕනෑම කටයුත්තකට තම උපරිම දායකත්වය දැක්වීමයි.

 

28 හැවිරිදි හුරුබුහුටි ඇය විවාහක දෙදරු මවක් වූ අතර ඇගේ සැමියා විදේශය රටක සේවය කල අයෙකු විය.

 

කා සමඟත් හොඳින් කතාබස් කරන මැය කවුරුත් නොසිතන ආකාරයෙන් විදුහලේ සේවය කල 53 හැවිරිදි සුලු සේවකයෙකු සමඟ අනියම් සබඳතාවයක් ගොඩනගා ගත්තාය.

 

මේ අතර මෙම පාසලේ වර්ණ රාත්‍රිය සංවිධානය වූයේ වසර දෙකකට පසුවය.

 

ඊට ප්‍රධාන හේතුව වූයේ රටෙහි පැවති තත්වයයි.

 

එය විදුහලේ ප්‍රධාන ශාලාවේ පැවැත්වුණු අතර සියල්ලෝ ඊට සහභාගී වී සිටියහ.

 

සුලු සේවක හා අදාල ගුරුවරිය ඊට සහභාගී නොවූ බවක් කිසිවෙකුටත් නොපෙනුනේ එම අවස්ථාව ඉතා කාර්යබහුල එකක් වූ බැවිනි.


කෙසේ හෝ වර්ණ රාත්‍රිය සාර්ථකව නිමාවට පත්විය.

 

දින දෙකකට පමණ පසු විදුහල්පතිට දුරකතන ඇමතුමක් පැමිණියේ අදාල සුලු සේවකයාගේ බිරිඳගෙනි.

 

“බලන්න ලොකු සර්, කලර්ස් නයිට් දවසෙ මෙහෙම දෙයක් වෙලා” යනුවෙන් කථාව ආරම්භ කල ඇය අවසානයේ පවසා සිටියේ තම සැමියා අධි රුධිර පීඩනය හේතුවෙන් රෝහල් ගත කර සිටින බවයි.

 

මෙහි සත්‍යතාවය පරික්‍ෂා කල විදුහල්පතිට දැනගන්නට ලැබුණේ වර්ණ රාත්‍රිය අවස්ථාවේ දෙදෙනා පාසලේ නොසිටි බව හා සුලු සේවකයා සමඟ අදාල ගුරුවරිය නගරයේ ලැගුම්හලකට ගොස් ඇති බවයි.

 

අවසානයේ අදාල ගුරුවරිය ස්ථාන මාරුවක් ලබා විදුහලෙන් ගොස් ඇති අතර සුලු සේවකයා විදුහලෙන් ලැබුණු අපකීර්තිය මැද තවමත් එම පාසලේ සේවය කරනවාලු.


 

views

44235 Views

Comments

arrow-up