වෙරලට ගොස් පෙම්සුව විඳි වරදට සතියක් නිවාස අඩස්සියට වැටිලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

වෙරලට ගොස් පෙම්සුව විඳි වරදට සතියක් නිවාස අඩස්සියට වැටිලා

වෙරලට ගොස් පෙම්සුව විඳි වරදට සතියක් නිවාස අඩස්සියට වැටිලා

සතියක් පෝලිමේ දුක් විඳ ලබාගත් තෙල් ටිකෙන් පෙම්වතිය සමඟ පෙම් සුව විඳි වරදට තවත් සතියක් නිවසට වී සිටීමට සිදුවූ පෙම්වතෙකු පිළිබඳ පුවතක් දකුණෙන් අසන්නට ලැබේ.


යතුරුපැදියට රුපියල් 1500ක තෙල් ටිකක් ගහගත්තේ සතියක් පෝලිමේ ඉඳය. 


මේ තෙල් ටිකෙන් පෙම්වතිය සමඟ පෙව්සුව විඳීමට ගිය ඔහු බලපිටිය මොහොට්ටිවත්ත ප්‍රදේශයේ ගාලු‍‍ පාරට කිට්ටුවෙන් වැල්ලට බැස්සේය. 

වැල්ල ආසන්නයේම යතුරුපැදිය නවතා ඔවුන් රෑන පඳුරක් සොයා යන්නේ පෙම් සුව විඳීමටය.


පැයක් දෙකක් වැල්ලේ පෙම් සුව විඳි ඔහු පෙම්වතිය නිවසට ඇරලීමට යතුරුපැදිය වෙත ආවේය. යතුරුපැදියේ ඉන්ධන බටය ගලවා තිබෙනු දක්නට ලැබිණ. 


ඒ ආසන්නයෙන් බිමෙන් ඉන්ධන සුවඳ වහනය වෙමින් තිබිණ. ඒත් සමග සිදුව ඇතිදේ තේරුම් ගැනීමට ඔහුට වැඩි වෙලාවක් ගත වූයෙ නැත.


පෙම්වතිය නිවස බලා යැවීමට බස් රථයකට දැමූ ඔහු තෙල් නැති යතුරුපැදිය තල්ලු‍‍ කරගෙන එමින් සිටියේය. 

සැලකිය යුතු දුරක් එය තල්ලු‍‍ කළේය. ඔහුගේ හොඳ පණ ගොස්ය. එක පාදයක කෙන්ඩ පෙරලී බිම වැටෙන්නේ යතුරුපැදියද ඔහුගේ එක් කකුලක් යටකර ගෙනය.


යතුරුපැදියට යටවුණ කකුල තැලෙන්නේ ඔහු නිවෙසටම කොටු කරමිනි. 

කකුල යථාතත්ත්වයට පත් කර ගැනීමට වෙද මහතෙකු නිවසට ගෙන්වාගෙන දැන් ඔහු සතියක් තිස්සේ සිටම පත්තු බඳිනවාලු‍‍.

views

233 Views

Comments

Suggested

arrow-up