අමුතු ජෝඩුව හෝටලේට රාජකීය බිලක් තියා ධීවරයා අන්දවා සුපිරි පිම්මක් පැනලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

අමුතු ජෝඩුව හෝටලේට රාජකීය බිලක් තියා ධීවරයා අන්දවා සුපිරි පිම්මක් පැනලා

අමුතු ජෝඩුව හෝටලේට රාජකීය බිලක් තියා ධීවරයා අන්දවා සුපිරි පිම්මක් පැනලා

සුන්දර නදියක් පාදක කොට ගනිමින් තිබූ සංචාරක නිවාඩු නිකේතනයක දිනක් නතර වී බඩ කට පුරා කා බී කවුරුත් නොසිතන ආකාරයේ උපායක් යොදා ගනිමින් රුපියල් දහස් ගණනක බිලට පොල්ල තියා මාරුවී ගිය යුවළක් පිළිබඳව පුවතක් ගාල්ලෙන් අසන්නට ලැබේ.


කුලී ත්‍රිරෝද රියකින් පැමිණි යුවළකි. ඔවුන් මුහුණු ආවරණද පැළඳ සිටි අතර එක් දිනකට ඔවුන්ට නවාතැන් දෙන ලෙස මේ නිවාඩු නිකේතනයෙන් ඉල්ලා සිටියහ. 

 

හැඳුනුම්පතක් පමණක් ඇපයට ගෙන ඔවුනට ඒ අවස්ථාව උදා විය.


කෑම වේල් සියල්ලම නවාතැන් ගත් කාමරයටම ලැබිණේ ඔවුනගේ ඉල්ලීම පරිදිය. 

 

මේ ස්ථානයේ සේවකයින්ට ඔවුන් දෙදෙනා මුහුණ නුදුන් තරම් වු බැවින් මේ යුවළ අනියම් යුවළක් යැයි සේවකයෝ සිතූහ.


යුවළ වැඩිමනත්ම කාලය ගත කළේ ගං ඉවුරේය. ඒ ආසන්නයේ මසුන් මැරීම සඳහා පැමිණි අයෙක් සමඟ කතාබහ කිරීමටද ඔවුනට අවස්ථාව සැලසුණි. 

 

ඊළඟ දවසේ ඔරුවෙන් නගරයට තමන් ඇරලන ලෙස එම ධීවරයාගෙන් යුවළ ඉල්ලා සිටි අතර ඒ සන්තෝසම් මුදලක් ලබාදෙන බවට පොරොන්දු වෙමිනි.


තමන් නගරයට යන්නේ අවශ්‍ය බඩු ගැනීමට යැයි කියමින් යුවළ ඊළඟ දිනයේදී ධීවරයාගේ ඔරුවෙන් නගරයට ගියෝය.

 

ඒ තමන් විනාඩි තිහකින් ආපසු ඔරුවෙන් යාමට පැමිණෙන බව පවසමිනි. 

 

ආපසු ගමනේදී සන්තෝසම් මුදල ලබාදෙන බවට ද පොරොන්දුවිය. 

 

දෙදෙනාගේම කරේ පොඩි ගමන් මලු‍ දෙකක් එල්ලී තිබුණත් ධීවරයා ඒ ගැන සිතුවේ නැත.


විනාඩි තිහ පැය, පැය දෙකක් ගතවුවත් ඔවුන් යුවළ නොපැමිණි තැන ධීවරයා නිවාඩු නිකේතනයේ තොටුපොළේ ඔරුව ගාල් කර එයට ගියේ මේ යුවළ තමා ගැන අමතක වී ත්‍රිරෝද රියකින්වත් පැමිණ ඇති බවට තැබූ විශ්වාසයෙනි.


ඔවුන් නොපැමිණි බව හිතවත් සේවකයකුගෙන් දැනගත් ඔහු තමාට මුහුණදීමට සිදුවූ දේ සේවකයාට කියා සිටියේය.


ඒ අනුව එම ස්ථානයේ සේවක පිරිස ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරයට ගොස් බැලූ විට දැකගන්නට ලැබුණේ හිස් කාමරයකි. 


සිදුව ඇති දේ තේරුම් ගත් ඔවුන් ඇපය සඳහා ලබාදුන් හැඳුනුම්පත පිළිබඳව සොයා බැලීය. 

 

මිය ගිය අයකුගේ තරුණ කාලයේ එකක් බව ඒ පිළිබඳව සොයා බැලූ සේවක පිරිසට දැකගන්නට හැකි විය.

views

414 Views

Comments

Suggested

arrow-up