MAR
29
පෙට්‍රල් මිල අඩුවෙන හැටි ගැන අලුත්ම ආරංචිය මෙන්න

සියලුම පෙට්‍රල් වර්ග වල මිල රුපියල් 20-25 අතර අගයකින් පහළ යාමට නියමිත බව වාර්තා වේ.
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ යාම හා මෙරට ඩොලරයේ වටිනාකම අඩු වීම මත මෙම මිල සංශෝධනය සිදුවීමට නියමිත අතර, ඉන්ධන මිල සූත‍්‍රය අනුව අප්‍රේල් මාසයේ මුල සිදු කිරීමට නියමිත මිල සංශෝධනයේ දී මෙම පියවර ගැනෙනු ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා කියා සිටී.
292 Views
Comments