MAR
22
ලංකාවට IMF ණය ලැබීම ගැන චීනයෙන් සුබපැතුම්

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුමට අනුමැතිය හිමිවීම ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීමට සහ දුෂ්කර තත්ත්වයෙන් මිදීමට වඩා හොඳ උපකාරයක් වනු ඇතැයි විශ්වාස පළ කරන බවයි.
එය සුබවාදී පුවතක් යැයි සිතන බවද ඔවුන් විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වේ.
එමෙන්ම ඊයේ (21) දිනයේදී පාර්ලිමේන්තුවේ ද මූල්‍ය අරමුලෙන් ඉල්ලූ ණය පහසුකම අනුමත වීම සම්බන්ධයෙන් හා තවත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් පළ විය.
371 Views
Comments