MAR
22
බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගත වූ සතිය තුළ අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළ අතර අද (22) දිනයේ දී බොරතෙල් මිල ඩොලර් 74.98 ක් ලෙස දැක්විණි.
පෙරේදා (20) දිනයේ දී ඩොලර් 70 දක්වා පහත වැටුණු බොරතෙල් මිල ඊයේ (21) දිනයේ දී බ්‍රෙන්ට් බොරතෙල් මිල සටහන් වූයේ ඩොලර් 74.16 ක් ලෙසයි. ඇමරිකානු ඩබ්ලිව්. ටී.අයි. බොරතෙල් මිල මේ වන විට ඩොලර් 69 සීමාව දක්වා පහත වැටී තිබෙන බව වාර්තා වේ.
401 Views
Comments