2023 මාර්තු 22 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය

අද දිනයේ ද මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව පහත වැටී තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ දිනයේදී රුපියල් 315.00 ක් ලෙස සටහන් වූ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල අද දිනයේදී කොමර්ෂල් බැංකුවේ සටහන් වූයේ රුපියල් 311.69 ක් ලෙසිනි. අද එහි විකිණුම් මිල රුපියල් 330.00 ක් ලෙස සටහන් විය.
හැටන් නැෂනල් බැංකුවේ ඇමරිකානු ඩොලරයයේ අද ගැනුම් මිල රුපියල් 310.00 ක් සහ විකුණුම් මිල රුපියල් 330.00 ක් ලෙස සටහන් වූ අතර, මහජන බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනයේදී රුපියල් 308.70 ක් සහ විකිණුම් මිල රුපියල් 330.92 ක් ලෙස සටහන් විය.
328 Views
Comments