“අලුත් ආණ්ඩුවක් ආවත් ආර්ථික අර්බුදය විසදීම අභියෝගයක්” - විශේෂඥයින්ගේ අනාවරණය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

“අලුත් ආණ්ඩුවක් ආවත් ආර්ථික අර්බුදය විසදීම අභියෝගයක්” - විශේෂඥයින්ගේ අනාවරණය මෙන්න

“අලුත් ආණ්ඩුවක් ආවත් ආර්ථික අර්බුදය විසදීම අභියෝගයක්” - විශේෂඥයින්ගේ අනාවරණය මෙන්න

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ බිහිවන ඕනෑම ආණ්ඩුවකට දැඩි මූල්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සිදු වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් පවසයි. 

 

ඔවුන් සඳහන් කර සිටියේ නව ආණ්ඩුවක් බිහිවූ සැනින් පවතින ආර්ථික අර්බුදයට විසදුම් නොලැබෙන බවයි. 

 

පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකළ යුතු බවට දේශපාලන පක්ෂ කිහිපයක්ම අවස්ථා ගණනාවකදී පැවසීය. 

 

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ පැවසුවේ දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ නොමැතිව රටේ ආර්ථිකය ගොඩගැනීමට නොහැකි වන බවයි.

 

මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන්කළේ දූෂිතයින්ට එරෙහිව දැන් හෝ නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බවයි.

views

308 Views

Comments

arrow-up